මේ වන විට සමාජය පුරා දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වන්නේ Paster Jeram

නැමැති පූජකවරයා විසින් සිදුකරන ලද අපහාසාත්මක කතාව වේ.

එහිදී ඔහු සිය අනුගාමිකයන් අමතා ප්‍රකාශ කරන්නේ බෞද්ධ, ඉස්ලාම්, ශිව යන ආගම් සියල්ලම ඉතා පහත් වන අතර ක්‍රිස්තියානිය ඉතා ඉහළ ආගමක් වන බවයි.

එහිදී ඔහුගේ අනුගාමිකයන් නම් කතාව අසා ඉතා කුල්මත්ව ඔල්වරසන් දෙමින් අත්පුඩි ගසන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පැවතිණි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ප්‍රධාන යොමු කරන ලද අතර කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණයක් කොට වහාම වාර්තාවක් ලබාදෙන ලෙස පවසන ලදී.

මෙම ජෙරම් ගේ ප්‍රකාශය සම්බන්ධව සර්ව ආගමික නායකයන් ඉතා අප්‍රසාදයට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් සිය අදහස් අදහස්ද ප්‍රකාශ කරන ලදී.

මෙහිදී ඉතා සුවිශේෂී කරුණක් වන්නේ මෙම සර්ව ආගමික නායකයන් අතර කාලයක් අතුරුදහන්ව සිටී ඥානසාර හිමියන්ද සිටීමයි. 

 මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙම ජෙරම් විසින් සිදුකරන ලද ප්‍රකාශය සඳහා කතෝලික පූජකවරු සභාව වගකිව යුතු බවයි.  ජෙරම් වැනි පුද්ගලයන් පිළිබඳව ඉතා සෝදිසියෙන් සිටි බව සඳහන් කළ උන්වහන්සේ, ජෙරම් වැනි තවත් පුද්ගලයන් බොහෝ සිටින බව ද සඳහන් කළහ. මේ නිසා එවැනි පුද්ගලයන් සොයා වහා ම වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද පැවසුහ.

මීට අමතරව ඥානසාර හිමියන් විසින් සහරාන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල සිටීමට සැලසුම් කර ඇති බව තමන් වහන්සේ මිට පෙර සඳහන් කරන ලද බවද සිහිපත් කළේය. සහරාන් ගේ බොහොම ප්‍රහාරයට වඩා වැඩි හානියක් සමාජයට සිදු කිරීමට ජෙරම් වැනි පුද්ගලයන් හට හැකියාවක් ඇති බවද පැවසුහ.

 

එල්ටීටීඊ සංවිධානය සමූලඝාතනය කොට වසර දාහතරක් සැපිරෙන මෙම මාසය තුළ ක්‍රිස්තියානිය පොදු සතුරා බවට පත් වීම අහම්බයක් නොවේ. මීට ප්‍රථමව සතුරා බවට පත් කරගෙන සිටියේ දෙමළ ජනතාව අතර අතර ඔවුන්ව සමූල ඝාතනය කිරීමෙන් සිංහලයාගේ තෘප්තිය සාක්ෂාත් කර කරගැනීමට බලාපොරොත්තු විය. පසුව 2019 වන විට සිංහලයාගේ තෘප්තිය නැති කරන බාහිර සාධකයක් බවට පත් කර ගත්තේ මෙරට ජීවත් වන ඉස්ලාම් ප්‍රජාවයි. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් ප්‍රජාව විසින් සිදු කරනු ලබනවා යැයි කියන වහබ්වාදී ක්‍රියාවන් ඔස්සේ ලංකාවේ සිංහල බෞද්ධ උරුමය නැති කිරීමට උත්සාහ කරන බව ප්‍රකාශ කළේය.


සිංහලයකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරගත් අතර එය මොට්ට සිංහලයා සැලකූ වේ තනි සිංහල රජෙක් පත්වූ බවයි.

2023 වන විට මෙරට ජනතාවගේ පොදු සතුරා බවට පත්වූයේ 2009 දී වීරත්වයෙන් සැලකූ රාජපක්ෂලා ය.

රාජපක්ෂලා බලයෙන් පහ කිරීම තුළින් තුළින් තමන්ට නැවත සිය තෘප්තිය ලබාගැනීමට හැකියාවක් ඇතැයි මෙරට සිංහලයා සිතු අතර රාජපක්ෂලා ඉතා කෘෘර අයුරින් බලයෙන් පහකට දමන ලදී.

මේ වන විට නැවත පොදු සතුරෙක් විදිහට සිංහල සහ විසින් තෝරාගෙන ඇත්තේ අන් කවරෙකුවත් නොව තනි සිංහල රජු පත් කිරීමට ඉතා වෙහෙස මහන්සි වූ මෙරට ජීවත්වන ක්‍රිස්තියානි ප්‍රජාවයි.



මෙයාකාරයෙන් ලංකා සමාජය තුළ කාලෙන් කාලෙට සතුරන් නිර්මාණය වන අතර ඔවුන් විනාශ කිරීමෙන් පරිපූර්ණත්වයට යාමට උත්සාහ කරන ජනතාවක් ද ජීවත් වෙයි. එහෙත් ලාංකිකයන් කිසිදු විටෙක උත්සාහ නොකරන්නෙ තමන් තුළ පවතින නිෂේධනය හඳුනා ගැනීමටයි. ඒ වෙනුවට කරන්නේ තම නිශේධනය බාහිර සතුරෙකුට යොමු කොට එම සතුරා විනාශ කිරීමෙන් තම ජීවිතයේ පරිපූර්ණත්වය ළඟා කර ගැනීමට උත්සාහ ගැනීම යි.




එබැවින් ජෙරම් නැමැති සතුරා විනාශ කිරීමෙන් අනතුරුව මීළඟ සතුරා බවට පත් වීමට සියලු දෙනාට හැකියාව ඇත. මීළඟ සතුරා ඔබ විය හැක.


(දේශපාලන සටහන -carbonnews.lk)


සබැඳි ලිපි :

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්