අද Voice Season 2 Final එකේ ඉන්න රමියා අවසන් තරගය වෙනකම් ආපු ගමනේ Quarter final එකේ “කුල ගෙදරින් දුම්මර කදු වැටියේ” කියන සිංදුවේ මුලින්ම මොකක්ද මංදා රැප් වගේ කෑල්ලක් කියනවා.
It’s another great wedding vibration from the all Ceylon community. Ramiya the one who is presenting it to the reality. ඒකෙ අන්තිම පේලියේ තේරුම තමයි මං හිතන්නේ රමියාව අවසන් තරගයට ගෙනාපු strategy එක. RAMIYA THE ONE WHO IS PRESENTING IT TO REALITY. රමියා තමයි මේ ගායනය REALITY එකට ගේනපු ඩයල් එක. ඒක වෙන්න ඕන final එක වෙනකං ආවේ.
Blind audition වලදි රමියට හැරෙන්නේ Coach උමාරියා විතරයි. අපි හැමෝම දන්න විදියට සාමාන්‍යෙන් ගායනය ඉතාම හොඳ අයට Coach ලගෙන් 4න් තුන්කවත් හැරෙනවා. ඒත් රමියට හැරෙන්නේ එක්කෙනයි. අද නිකමට හරි රමියා දින්නොත් එක Coach කෙනෙක් විතරක් හැරිලා ලංකාවේ Voice ප්ලට්ෆෝම් එකේ දිනපු පළවෙනියා බවට රමියා පත් වෙනවා. (Voice teen ඇතුලත්ව).
ඒකට තමයි කියන්නේ Market Access එක කියල. ඇත්තටම රමියට Market Access එක දෙන්නේ Coach Umariya. එහෙම අවස්තාවක් එන්නේ තෝරා ගන්න නිදහසක් දීල තියන නිසා.(freedom of choice) Coach ට ගායකයවා තෝර ගන්න පුලුවන් සහ Coach ල කිහිපදෙනෙක් හැරුනොත් ගායකයට කැමති Coach කෙනෙක් තෝර ගන්න නිදහස තියනවා. Market Access සහ තෝරා ගැනීමේ නිදහස වෙළදපොළක් හොදට වැඩ කරන්න ඉතා වැදගත්
ඒකයි මං ඔය බිස්නස් register කරන්න ලයිසන් ගන්න ඕන, ශෙඩ් වලට ලයිසන් ගන්න ඕන, හැම එකටම ආණ්ඩුවෙන් ලයිසන් ගන්න ඕන ක්‍රමයට කැමති නැත්තේ. ඒ හැම එකකින්ම කරන්නේ market access එක නැති කරන එක. ඒකෙන් රමියා වගේ අයට ඉස්සරහට එන්න බැරි වෙනවා
Coach Umariya රමියට දුන්නේ Market Access එකක්. ඊට පස්සේ රමියා තරඟකාරීබවක් හදා ගන්නවා සහ අනන්‍යතාවයක් හදාගන්නවා.. ඒක ඇත්තටම Marketing වැඩක්. නිතරම රැප් සහ රමියාටම ආවේනික වුණු ස්ටයිල් එකකින් තමයි රමියා තරග කරන්නේ. ඕනම වීඩියෝ එකක රමියාගේ අනන්‍යතාවය ලේසියෙන්ම හදුන ගන්න පුලුවන්. Reggae විදියට ඇදල එකම style එකක් ඇතුලේ ලොකු විවිධත්වයක් ගේනවා.
ආර්ථිකයත් ඒ වගේමයි. හැම රටකම ආර්ථික ඒ රටට ආවේනිකයි. හැබයි අවේනිකත්වය ඇතුලේ විවිධත්වය සහ තරඟකාරීත්වය ඕනමයි. රමියා අරං එන්නේ ඒක. එකම විදියේ ස්ටයිල් එකකින් විශාල විවිධත්වයක්. ඒක රමියම දෙන වෙනස් විදියේ ආතල් එකක්.
ඒවගේම රමියා අන්තර්ජාතික Voice Platform එකෙත් feature වෙනවා. රමියා අන්තර්ජාතික තරගයට සිංහල සිංදු කියල තමයි feature වෙන්නේ. ගෝලීය වෙළදපොලක තියෙන විශේශිතත්වය ඒකයි. අපේ දේ අරගෙන තරග කරන්න පුලුවන් අපි තරගකාරීනං. මොකක් හරි එක judge කොමෙන්ට් එකක Coach Supun කිව්වා රමියා තමයි වතාවන් ගානක්ම අන්තර්ජාතික Voice Platform එකේ feature කරපු සහ වැඩිම ලංකාවේ Voice Sri Lanka trending වුණු සිංදු කියපු වගේ කතාවක් මට ලාවට වගේ මතකයි. අන්තර්ජාතික මට්ටමෙන් සෙල්ලම් කිරීම අනිවාර්‍යයි. අන්තර්ජාතික ලෙවෙල් එකෙන් ගේමට බැස්සම ඒකෙ වාසිය එන්නේ අපිටමයි. හැංගි හැංගො ලෝකෙන් මුවා වෙලා අපිට Voice දිනනත් බෑ. ආර්ථික හදන්නත් බෑ.
ඊට පස්සේ රමියා තරඟයෙන් පරදිනවා. මං හිතන්නේ Knockout වටයෙන්. වෙළඳපොලත් ඒ වගේ තමයි. අනිවාර්‍යයෙන් තරඟකාරී වෙද්දි හැමෝම ජයග්‍රාහී වෙන්න නෑ. දිනුම සහ පැරදුම දෙකම මේ ලෝකේ ධර්මතාවයන්. නමුත් වැදගත් වෙන්නේ පරදින කෙනාට ගෞරවනීය පරාජයක් අත්වීම සහ නැවත තරගකරන්න අවස්තාවක් තිබීම සහ ඔහු තරගයෙන් ඉවත් වුනත් නැවත තරගකාරී වෙන තෙක් දරා ගෙන සිටීමට සමාජයේ අවශෝශන පද්ධතියක් තිබීම. ඒකයි අපි නිතරම සමාජ ආරක්ෂණ දැලක් තියෙන්න ඕන සහ ඒකේ අවශ්‍යතාවය තදින්ම නිතරම මතු කරේ. පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවට අපිට ඕන සාර්ථක සමාජ ආරක්ෂන දැලක්. ඒකයි මං නිතරම පාඩු ලබන රාජ්‍ය ආයතන වල පාඩුව සහ සමාජ ආරක්ෂන ක්‍රමයට වෙන් කරන මුදල ගැන සංසංදනය කරන්නේ. රමියත් පැරදුනාම නැවත තරග කරන්න පුලුවන් විදියට Voice comeback ස්ටේජ් කියල වෙනම ප්ලැට්ෆෝම් එකකින් තමයි ආයෙත් තරගයට එන්නේ. මං හිතන්නේ ඒ වතවේ රමියා එන්නේ අනික් Coach ලගේ හිටපු හොදම තරගකරුවන්වත් පැත්තකට තල්ලු කරගෙන.
අනිත් එක අපි හැමෝම දන්නවා රමියා කියන්නේ මේ වේදිකාවේ ඉන්න දක්ෂතම ගායකයා නෙවෙයි කියල.Voice Platform එක තෝරන්නෙත් මං හිතන්නේ දක්ෂම ගායකයා නෙවෙයි. සමාජයේ ඒ මොහොතේ තියන entertainment අවශ්‍යතාවයට ගැලපෙන කෙනාව තේරෙන්න තමයි ප්ලැට්ෆෝම් එක හැදෙන්නේ. දක්ෂම කෙනා රමියනං මුලින්ම Coach ල හතර දෙනාම හැරෙනවනේ. ලංකාවේ අපිටත් වෙළඳපොලේ තේරුම් ගන්න බැරි වෙලා තියන ප්‍රධාන දෙයක් තමයි ඕක.
අපි නිතරම අඩුම මිල වෙනුවෙන් තමයි සටන් කරන්නේ. අඩුම මිල තිබුනට සේවය අන්තිම සවුත්තුයි නං අඩුම මිලක් තියෙන එකෙන් කිසිම තේරුමක් නෑ. හරියට අපේ දුම්-රිය සේවය වගේ. මිල අඩුයි. හැබැයි වෙලාවට සහ සුව පහසුවට ගමනක් කවදාවත් යන්න බෑ. මිල අඩුවට තියා ගන්න අපි වෙන ගොඩක් දේවල් නැති කර ගන්නවා. ඒවගේම මිල වැඩියි කියන එකේ තේරුම හොඳටම හොදයි කියන එකත් නෙවෙයි. අපි බලන්න ඕන මුදලට සරිලන වටිනාකමක් කියන සංකල්පය. (Value for money)
ඉතිං Voice ප්ලැෆෝම් එක තෝරන්නෙත් ගායනයෙන් ඉතාම දක්ෂ ගායකයව නෙවෙයි. ගායනය, ජනප්‍රියබව, රඟපෑම, හාස්‍ය සහ ප්‍රාසාංගික බව වගේ ගොඩක් දේවල් එකතු වුණු කෙනෙක්ව තමයි තෝරන්නේ. ඒකයි මං හිතන්නේ කතාවක් තියෙන්නේ හැම ගායකයෙක්ම තරුවක් වෙන්නේ නෑ කියල. වෙළඳපොලත් එහෙමයි. හැමදේම අඩුයි කියන්නේ රට දියුනු වෙනවා කියන එකත් හැම දේම වැඩියි කියන්නේ රට දියුණු වෙනවා කියන එකවත් නෙවෙයි. සංකලනයක් එක්ක මුදල සරිලන භාන්ඩ සහ සේවා තෝරා ගැන්නිමට නිදහසක් තමයි ඕන
මං හිතන්නේ Bathiya - Santhush, Kasun, Shashika Nisansala, Umariya, Supun ට වඩා දක්ෂ අය ලංකාවේ ඕන තරම් හිටියත් ඔවුන් තරුවක් වෙලා තියෙන්නේ හේතුවකට. ඒකට වෙළදපොළට හරි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට බැනල හරි, ඉරිසියා කලා කියල හරි වැඩක් නෑ. වෙළදපොළ ක්‍රියාත්මක වෙන විදියයි අපි තේරුම් ගන්න ඕන. ලංකාවේ ආර්ථිකයත් ඒකට ගලපවන්න ඕන.
රජය මැදිහත් වුණා නං එහෙනං ගායනා කරන්න පුලුවන් කියල ග්‍රාම සේවා සහතිකයක් ගන්න ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ඒක අනුමත කරගෙන එන්න ගියල "ඒ මිස් අද නිවාඩු, හෙට එන්න" කියන පෝලිමේ රමියා තාමත් හිටගෙන ඉන්නවා. Voice තරගය ඔය පොඩි වේදිකාවක ගමේ සංගීතයක් වගේ තියල ඇමතිලා කොමිස් එක ගහල.
ඒවගේම කියන්න ඕන රමියා මේක දින්නත් නැතත් කවුරු දින්නත් ඔවුන් ලෝක ගායනයේ තරුවක් වෙයි කියල කාලය තමයි තීරණය කරන්න ඕන. එහෙම නොවෙන්න වැඩි ඉඩ මේ වතාවේ දිනන කෙනා බොරුවක් බවට පත් කරන එකයි කරන්න ඕන. කලිං වතාවන් වලත් Super Stars වලින් දිනපු විවිධ ආයතන වලින් බිහි කරපු බොහෝ තරු සැබෑ වෙළඳපොලේදි සාර්ථක වුණේ නෑ. ඒකට හේතුව ආර්ථික විද්‍යාවෙන් පහදන්න පුලුවන්..
වෙළදපොළවක් කියන්නේ Eco system එකක්. අර ලොතරයික් දිනපු අය බොහෝ දෙනෙක් අවුරුදු 5ක් විතර යද්දි හිටපු තැනිනුත් පහලට වැටෙනවා කියල සමීක්ෂන වලින් ඔප්පු වෙලා තියනවා. ඒකට හේතුව ධනවත්භාවය කියන්නේ ධනය නෙවෙයි, නැවත ධනය ප්‍රතිඋත්පාදනය කරන්න තියෙන හැකියාව. එහෙම නැවත ධනය ප්‍රතිඋත්පාදනය වෙන්න ඒකට ගැලපෙන Eco system එක තියෙන්න ඕන සහ වෙළඳපොළ ප්‍රමාණය ලොකු වෙන්න ඕන. ඒකයි ලෝකයේ වෙළඳපොළ අපේ වෙළදපොලට බවට පත් කර ගන්න ඕන. කලාවෙදිත් එහෙමමයි. මේ ගීත බොහොමයක් වෙන කාලාකරුවන්ගේ පද රචනයන්, සංගීතය සහ හඩ සහිත නිර්මාණ. සැබෑ තරගයේදී එතනින් එලියට ඇවිල්ලා ලෝකයත් එක්ක ඊලඟ වටයේදි තරඟ කරන්න පුලුවන් Eco system එකක් නෑ.
It’s another great ECONOMIC vibration from the all Ceylon community. Ramiya is the one who is presenting it to reality.