“වැට්” එකෙන් උණුසුම් වූ රට “ඩැට්” එකෙන් ගිනිගෙන ඇත.

ඩැට් එක යනු රජයේ වෛද්‍යවරුන්ට දෙන රාජකාරී බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව ය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය අකර්මණ්‍ය වී ඇත.

කොවිඩ් කාලේ රූපවාහිනී නාලිකාවල අසීමිත ලෙස රඟපා තමනුත් ලොක්කන් යැයි රටට පෙන්නූ බොහෝ වෘත්තීය සමිති ලොක්කෝ දැන් ඩැට් නාඩගම රඟපාමින් සිටිති. මහජනතාව අන්දුන් කුන්දුන් වී ඇත්තේ මේ මොන මගුලක් වුණාදැයි සිතාගත නොහැකිව ය.

ඩැට් එක නම් මේ වැඩි කළ දීමනාව කුමක්දැයි මහජනතාව දන්නේ නැත. සමහරුන් එහි නමේ ස්වභාවය අනුව එය ටොෆියක් සේ සිතනවා වන්නට ද බැරි නැත. 



සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම අක්‍රිය කරමින් අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීය සමිති කීපයක් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය කරවමින් වර්ජනය කරමින් සිටින නිසා මහජනතාවට හිතා ඇත්තේ ආණ්ඩුවෙන් දොස්තරලාට මහා ඉල්ලමක් පාදා දී අනික් උන්ව “බල්ලා මාක් එකටම” ඇද දමා ඇතැයි කියා ය.


අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය පාලනය කරන්නේ ආණ්ඩුව ය. සෞඛ්‍ය පද්ධතිය රජයේ වැදගත් කොටසකි. ආණ්ඩුව යනු මහජනතාවගේ ඡන්දයෙන් පත්වී වසර පහක කාලයක් රජය මෙහෙයවීමේ කාරිය ඉටු කරන පාලන ව්‍යුහයකි. අන්න ඒ වගකීම යටතේ රාජ්‍ය සෞඛ්‍ය ව්‍යුහය දැන් මෙහෙයවන්නේ වර්තමාන ආණ්ඩුවයි. සරලව කිව්වොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් පවතින ආණ්ඩුවයි. ඇමතිවරු ආණ්ඩුවේ ය. රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ආණ්ඩුවේ ය. අමාත්‍ය මණ්ඩලය ද ආණ්ඩුවේ ය. ලේකම්වරු ද ආණ්ඩුවේ ය.

එහෙව් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නිදහස් සෞඛ්‍ය සේවයේ සේවය කරන වෛද්‍ය කාර්‍ය මණ්ඩලවලට රාජකාරි බාධා පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාවක් නැත්නම් ඩැට් එකක් ගෙවන්න තීන්දුවක් මුලින්ම අරගත්තේ 2008 දී බව මට කල්පනා වෙයි. ඒ රුපියල් 5000කි. ඊට පසුව 2011 දී 10000 ද,  2013 දී 15000 ද , 2015 දී 25000ක් ද වශයෙන් ක්‍රමයෙන් වැඩිවූ ඩැට් එක අවසානයේ 2020 වන විට රුපියල් 35000 වී මෙවර 70000 දක්වා වැඩිකරන්නට වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය තීරණය කොට තිබේ. ඒ තීරණය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය පසුගිය කාලයේ දී තමන් මුහුණදී ඇති ගැටලු පිළිබඳව දීර්ඝ සාකච්ඡා ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය හා අවසානයේ ජනාධිපතිවරයා සමගත් පැවැත්වූ බව මාධ්‍ය මගින් අපි දුටුවෙමු.

zeNNwC19vtoUKZe4

රජයේ මාණ්ඩලික ශ්‍රේණියට අයත් නිලධාරීන් වූ වෛද්‍යවරුන්ට සේවා ස්ථානයට පැමිණීම සඳහා රජයෙන් ප්‍රවාහන පහසුකම් ලබාදෙන්නේ නැත. වෙනත් මාණ්ඩලික ශ්‍රේණි වලට අයත් රාජ්‍ය නිලධාරීන්ට විවිධ ආකාරයේ ප්‍රවාහන පහසුකම්‍ රජය විසින් ලබා දී තිබේ. ප්‍රාථමික ශ්‍රේණිවල මාණ්ඩලික නිලධාරීන්ට රාජකාරියට පැමිණීමට හා නිමවී නිවෙස්වලට යාමට කිලෝමීටර් හතලිහක් දක්වා කණ්ඩායම් ප්‍රවාහන පහසුකම් සලසා දී තිබේ. පලමු ශ්‍රේණිය හා ඊට ඉහල ශ්‍රේණිවල තනතුරු දරණ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට වෙනම නිල වාහනයක් සමග ඉන්ධන දීමනාවක් රියදුරන් ද සහිතව ලබා දී තිබේ. මෙසේ ලබා දෙන නිල වාහනයේ රක්ෂණය නඩත්තුව ආදී වියදම් දරන්නේ ද රජයෙනි. මේ නිල වාහනය පුද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් පන්සීයට අඩු ය. කැමත්ත පරිදි නිල වාහනය හා රියදුරා වෙනුවට රුපියල් 50000ක් හා ඉන්ධන දීමනාව ලබා ගැනීමට ද හැකිය. මේ නිල වාහනය වැටුපට අතිරේක ප්‍රතිලාභයක් සේ සලකා වැටුපට යම් නිශ්චිත මුදලක් එකතු කර උපයන විට ගෙවීමට කපා ගැනීමට ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අමතක නොකරයි.

රජයේ සේවයේම මාණ්ඩලික නිලධාරි ගණයට අයත්වන රෝගී සත්කාර සේවාවේ නිරත වෛද්‍ය වෘත්තිකයින් සේවය සැපයිය යුත්තේ අනිකුත් මාණ්ඩලික නිලධාරීන් මෙන් නොවේ. ඔවුන් සාමාන්‍යයෙන් පෙරවරු අටේ සිට පස්වරු හතර දක්වා තමා අනුයුක්ත වාට්ටුවේ, ඒකකයේ හෝ සෞඛ්‍ය ආයතනයේ සේවය කළ යුතු ය. ඉන්පසු පසුදින සාමාන්‍ය රාජකාරි ආරම්භ කරන තුරු On call හෙවත් “කැඳවීම මත” සේවයට සූදානම්ව සිටිය යුතු ය. එහි ද First on call, Second on call ආදී ප්‍රභේද තිබුණත් සරලව කිව යුත්තේ කැඳවීම මත සේවයට බැඳී ඇති බව ය. 

unnamed

රාජ්‍ය සේවාවේ අනිකුත් මාණ්ඩලික නිලධාරීන් ද මේ අන්දමටම කැඳවීම මත ඔනෑම වෙලාවක සේවයට බැඳී සිටියත් එබඳු අවස්ථා නිරන්තරයෙන් උදා නොවේ. නමුත් වෛද්‍යවරුන්ට එබඳු අවස්ථා උදා නොවන දින එළඹෙන්නේ කලාතුරකිනි. ඒ කාල වේලාව තුළ හදිසි රෝගියෙකු රෝහලකට ඇතුළු කලහොත් හෝ නේවාසික රෝගියෙකු ගේ රෝග තත්වය උත්සන්න වුවහොත් වෛද්‍යවරයා වහා සේවයට පැමිණිය යුතු ය. “ඩොක්ටර් හදිසි ලෙඩෙක් ඇඩ්මිට් කළා” හෝ “අහවල් ඇඳේ ලෙඩාට අමාරුයි” යන පණිවුඩය සංනිවේදනයත් සමග වෛද්‍යවරයා වහාම පැමිණිය යුතු වේ. එසේ පැමිණිය යුත්තේ තමන්ගේ වාහනය තමන්ම පදවා ගෙන ය. ඒ සඳහා වාහනයක් තමන්ට තිබිය යුතුය. ඒ වාහනය නඩත්තු කළ යුතුය. ඊට ඉන්ධන ද ගැසිය යුතුය. වාහනයේ ආදායම් බලපත්‍රය රක්ෂණය දුම් සහතිකය ආදී සියල්ල ද ගත යුතු ය.”මේ මිනිහා දොස්තර කෙනෙක්” කියා කවුරුවත් ඕවා කිසි දෙයක් නොමිලේ හෝ අඩු මිලට දෙන්නේ නැත.

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයෙකු පවා අවම රුපියල් 7500ක් වත් සිය පාරිශ්‍රමිකයෙන් මාසිකව බදු ගෙවයි. සරලව කිව්වොත් එක් ලක්ෂ හතලිස් පන්දාහට අඩු පාරිශ්‍රමිකයක් ලබන වෛද්‍යවරයෙකු 2500ක්ද එක් ලක්ෂ අනූ දහසකට අඩුව ලබන අයෙකි. 7500ක්ද දෙලක්ෂ තිස්පන්දාහකට අඩු ව ලබන අයෙකු 15000ක්ද දෙලක්ෂ අසූදහසක් ලබන අයෙකු 25000ක්ද තුන් ලක්ෂ විසිපන්දහසක් ලබන අයෙකු 37500ක් ද උපයන විට බදු ගෙවිය යුතුය.මේ බදු අය වෙන පාරිශ්‍රමිකයට ඩැට් එකත් අයත්‍ ය.

මේ සියල්ල සලකා බලා වෛද්‍යවරුන්ට ඩැට් නම් කෙටි නමෙන් හඳින්වූ රාජකාරි බාධා, පැමිණීමේ හා ප්‍රවාහන දීමනාවක් ගෙවීම අවශ්‍ය බව 2008 වසරේදී මුල් වරට තීරණය කෙරිණ. ප්‍රවාහන දීමනාවක් ගෙවීමේ දී ප්‍රවාහනය වෙනුවෙන් දරණ වියදම සැලකිල්ලට ගැනීම සාමන්‍ය සිරිතකි. ඒ අනුව ප්‍රවාහන වියදමට සාපෙක්ෂව වරින්වර ප්‍රවාහන දීමනාව වැඩිකිරීම අවශ්‍ය වේ. 2008 වර්ෂයේ වාහනයක මිල, ඉන්ධන මිල නඩත්තු වියදම් හා වාහනයක් වෙනුවෙන් දැරිය යුතු බදු හා රක්ෂණ වියදම් වැඩිවීමත් සමග මේ දීමනාව 35000දක්වා වැඩිවී තිබුණි.

image fb774e669c 
2020 සිට අද දක්වා ඉන්ධන වියදම පමණක් තුන් ගුණයකින් වැඩිවී ඇත. නඩත්තු වියදම් රක්ෂණ ආදායම් බලපත්‍ර වියදම් ද ඉහළ ගොස් ඇත. වාහන මිල ද වාහනයක් දෝතින් එසවීමට නොහැකි සේ බොහෝ දෙනකුට දැරීමට නොහැකි ලෙස ඉහල ගොසිනි. එය අත හැරියත් මේ ප්‍රවාහන දීමනාව තුන් ගුණයක්වත් වැඩිවීම සාධාරණ ය. අනික් අතට ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයෙකු පවා අවම රුපියල් 7500ක් වත් සිය පාරිශ්‍රමිකයෙන් මාසිකව බදු ගෙවයි. සරලව කිව්වොත් එක් ලක්ෂ හතලිස් පන්දාහට අඩු පාරිශ්‍රමිකයක් ලබන වෛද්‍යවරයෙකු 2500ක්ද එක් ලක්ෂ අනූ දහසකට අඩුව ලබන අයෙකි. 7500ක්ද දෙලක්ෂ තිස්පන්දාහකට අඩු ව ලබන අයෙකු 15000ක්ද දෙලක්ෂ අසූදහසක් ලබන අයෙකු 25000ක්ද තුන් ලක්ෂ විසිපන්දහසක් ලබන අයෙකු 37500ක් ද උපයන විට බදු ගෙවිය යුතුය.මේ බදු අය වෙන පාරිශ්‍රමිකයට ඩැට් එකත් අයත්‍ ය.

ඒ අනුව මේ වැඩි කල 35000 නිසා වෛද්‍යවරුන්ගේ මාසික පාරිශ්‍රමිකය ඒ ප්‍රමාණයට ඉහළ යන්නේ ද නැත. දැනට වැටුපට එකතු වෙන සියලු දීමනා සහිතව පාරිශ්‍රමික ලබන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට පවා රුපියල් 7500ක අවම බද්දක් ගෙවීමට සිදුවෙයි. ඒ අයට ලැබෙන මේ වැඩි කළ 35000න් 7500කට ආසන්න බදු මුදලක් රජයට අය වේ. ඒ ඔවුන් බදු ගණනය වන ආදයම් ඛාණ්ඩයේ දෙවන කොටසේ සිට තුන්වන කොටසට මේ දීමනාව නිසා ඇතුලු වන බැවිනි. තුන්වන කොටසේ බදු ප්‍රතිශතය සියයට 18කි. ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයකු පවා බදු ගණනය වන ආදායම් ඛාණ්ඩයේ දෙවන ගණයට අයත්වන බැවින් එහි හයවන ගණයට වැටෙන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ද යම් ප්‍රමාණයක් සිටිති. ඔහුන්ගේ මේ වැඩි කළ 35000න් සියයට 36ක්, උපයන විට බදු ලෙස ආපසු රජයට අය වෙනු ඇත. එවිට ඔහුට ලැබෙන්නේ 22500 පමණ මුදලකි. සරල ගණන් බැලීමේදී මෙසේ කිව්වත් නිවැරදි ගණන් බැලීමකදීත් රුපියල් 35000ක පාරිශ්‍රමිකයේ වැඩිවීමක් වෛද්‍යවරුන්ට ලැබී නැති බව පැහැදිලි ය.

දැන් ප්‍රශ්නය ඇත්තේ මේ ඩැට් දීමනාව සෞඛ්‍ය සේවාවේ අනිකුත් වෘත්තීය සමිති වලිනුත් වර්ජනයක් දියත්කර ඉල්ලා සිටීම ය. අප දන්නා පරිදි මේ වර්ජනය කරන වෘත්තීය සමිති අයත් සේවා මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රාජ්‍ය සේවාවන් නොවේ. මාණ්ඩලික ශ්‍රේණියට අයත් සුවිශේෂී ගණයේ සේවාවන් සපයන සේවයකට ලබා දෙන දීමනාවක් ඒ ලෙසම ඉල්ලමින් සෙසු සේවාවන් සටනට බැස ඇති මේ රටේ (හෝ ලෝකයේ) පළමු අවස්ථාව ද මෙය විය යුතුය. 


එසේම මේ ඉල්ලීම සී ජී ආර් එකේ හෙවත් රේල්ලුවේ ක්‍රමයට ඉල්ලන ඉල්ලීමකි. එනම් මුලින්ම සේවය නතර කර පසුව වැඩ වර්ජනයට බැස ඉල්ලීම් ඉල්ලීමයි. සාමාන්‍යයෙන් වෘත්තීය සමිති සිය සාමාජිකයින් සඳහා වැටුප් දීමනා වරප්‍රසාද සඳහා ඉල්ලීම් රජයට ඉදිරිපත් කර එකී ඉල්ලීම් සාධාරණීකරණය කරන කරුණු බලධාරීන් සමග සාකච්ඡා කර එකඟතාවයන්ට පැමිණීමට උත්සාහ ගැනීම මුල දී සිදුවන්නකි. ඉන්පසු ඒගැන නොසලකන්නේ නම් පිකට් කිරීම උද්ඝෝෂණය කිරීම් පත්‍රිකා බෙදීම් හරහා සිය සාධාරණ ඉල්ලීම් ගැන මහජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහය ද ලබාගෙන රජයට බලපැම් කරති. අනතුරුව සංකේත වර්ජනයකින් රජයට බලපෑමක් කර අවසානයේ කල් දීමකින් පසුව අඛණ්ඩ වර්ජනයට එලඹෙති.

නමුත් මේ සෞඛ්‍ය වර්ජනයන් මෙහෙයවන වෘත්තීය සමිති නායකයින් කිසිදු සදාචාරයක් නීතියක් මහජනතාව පිළිබඳ කිසිදු හැඟීමක් නැති ආත්මාර්ථතකාමී අසාධාරණ අයුක්ති සහගත, උද්ධච්ච කුළු ගවයින් බඳු ප්‍රකෝපකාරී පිරිසක් බව ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය අනුව පැහැදිලි ය . ඒ ස්වභාවය නිසා වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව වැඩිකරන්නට තීරණය කළේය යන ආරංචියටම වර්ජනයක් දියත් කළේය.

මීට පෙර 2008 සිට වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව දෙද්දීත් 35000දක්වා වරින්වර එය වැඩි කරද්දී තම අයිතිවාසිකම් මත පදනම් ව ඒ ගැන ඉල්ලීම් නොකළ මොවුන් මෙවර කුලප්පු වී ඇත්තේ වෛද්‍යවරුන් මෙවර රෝගීන්ගේ බෙල්ල මිරිකා කප්පමක් ලෙස මෙය නොගත් නිසා විය යුතුය. ඔවුන් දන්නා ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රමවේදය නම් රෝගියාගේ මරණ බිය වැඩිකර රජයට තර්ජනය කර එය දිනා ගැනීමේ ක්‍රමයයි. මෙය බොහෝ වෘත්තීය සමිති ක්ෂේත්‍ර නිලධාරි ගණයේ සේවාවන්ට අදාල ය. ඔවුහු වරක් රජයෙන් රුපියල් 50000 යතුරු පැදි දෙද්දී ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස ඒවා ලබාගත් හ. මේ සේවාවන් සඳහා නිශ්චිත රාජකාරි වෙලවක් ඇත. කැඳවීම අනුව සේවයේ යෙදීමක් ඔවුන්ට නැත. ඇතැම් සේවා සේවා මුර ක්‍රමයට දවසේ නිශ්චිත කාලයක් සේවා ඉටු කරනවා විනා කැඳවීම අනුව සේවයට යටත් නැත. 



මේ වෘත්තීය සමිති මාෆියාවේ නායකයින් ඩැට් දීමනාව ඉල්ලීමට කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ නොහැකි ව කියන්නේ හැමෝටම එක විදියට සැලකිය යුතු නිසා එසේ නොකිරීමට එරෙහිව සටන්කරන බව ය. එය අපූරු කතාවකි. එක් මාෆියා වෘත්තීය සමිති ලොක්කෙකු මාධ්‍යයට කිව්වේ හැමෝම නිදහස් අධ්‍යපනයෙන් ඉගෙන ගත් නිසා හැමෝටම එක් විදියට සැලකිය යුතු බව ය. මොවුන්ට අබමල් රේණුවක සිහි බුද්ධියක් ඇත්නම් තම සේවාවේ සාමාජිකයින් සඳහා සාධාරණීකරණය කළ හැකි දිරිගැන්වීමක් දෙන ලෙසට විධිමත් ඉල්ලීමක් රජයට ඉදිරිපත් කර එය සාධාරණීකරණය කරමින් කරුණු දක්වා ඒ ඉල්ලීම් දිනා ගැනීමට ප්‍රජාතන්ත්‍රාවාදී ලෙස සිය සාමාජිකයින් මෙහෙයවීම කළ යුතුව තිබුණි.

අවාසනාවට සෞඛ්‍ය සේවාවේ වැදගත් වෘත්තීන් වල වෘත්තීය සමිති නායකයින් ලෙස පෙනී සිටින්නේ උද්ධච්ච මානසිකත්වයෙන් යුතු පිරිසකි. මේ වෘත්තීය සමිති නම් රාජ්‍ය පද්ධතිය මෙන්ම කුණුවී විකෘති වුණු මාෆියාවක් මිස වගකිව යුතු සංවිධාන ව්‍යුහයක් නොවන බව පැහැදිලි ය. මොවුන් හිතා ඉන්නේ මුලු මහත් රාජ්‍ය ව්‍යුහයම රාජ්‍ය යාන්ත්‍රණයම තමන්ට ඕනෑ විදියට ක්‍රියා කළ යුතු බව ය. එසේ නැත්නම් කෙලින්ම වර්ජන තර්ජනයය. මේ මාෆියා නායකයන් අතලොස්සක් දෙනා කරන කුජීත වැඩ වලින් ඒ සේවාවල ඉන්න වැදගත් සේවාවක් ඉටු කරන යහපත් බහුතරය දැඩි අපහසුතාවයට පත්ව ඇත. ඒ අනුව අප ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ තම වෘත්තියේ ගෞරවනීයත්වය රැක දිය හැකි වැදගත් පුදලයන් සමිති නායකයින් ලෙස තෝරාගන්නා ලෙසටයි.


(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
(vinivida.lk)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image