ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට උනෙත් නාරම්මල සිද්දිය වගේම එකක්. හැබැයි සුදු කළු භේදයක් නැතුව මිනිස්සු එළියට බැස්ස.

ඒකෙන් විශාල ව්‍යාපාරයක් ඇතිවුණා. මාස ගණනක් දිගට ඇදුන දේශපාලනයක් අපි දැක්ක. ඒකට සෘජුව සහ වක්‍රව දේශපාලන ව්‍යාපාර උදව්කළා.

 නාරම්මල තරුණයෙක් මැරුණ. ඔළුවට වෙඩි තියල. මිනිස්සු පොලිසිය වටකළා. ඒ කියන්නේ මිනිස්සු අසාධාරණයට විරුද්ධව එළියට බැස්ස. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් නැහැ මේ අයුක්ති සහගත මරණය වෙනුවෙන් සහ මිනිස්සු වෙනුවෙන්.  මේක විතරක් නෙවෙයි පහුගිය දවස්වල ගොඩක් දේවල් උණා. සියල්ල උදාසීන විදියට ගෙවිල ගියා. මොනවා හරි 'අවුලක්' උණොත් චන්දෙ නැතිවෙයි කියල බයට.

ඔක්කොමල ඉන්නේ චන්දෙ තියනකල්. තියයි ද නැද්ද කියල දන්නේ නැති චන්දෙ තියනකල්. චන්දෙ තියනකොට රටෙන් බාගයක් මැරිලා ඉඳියි....
ඡන්දයක් නිසා අන් සියල්ල මේ වගේ ඝනීභවනය වෙච්ච රටක් තවත් තියනවා නම් අටපට්ටමට කියන්න ....

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්