තමන්ගේ අතින් තවත් මනුෂ්‍යයෙක් මැරුණා නේද කියන සහකම්පනයවත් නැති පොලිස් ත්‍රාඩයෝ
පොලිස් දෙපාර්තමේන්තුවේ බිහිවෙන්නේ නිකම්ම නිකම් ඕපපාතිකව නෙවෙයි. මනුෂ්‍ය ඝාතන කියන එක ''කලාවක්'' වුනෙත් මේ අද ඊයේ දවසක නෙවෙයි.
මේ හැම හැම දේකටම ඉතිහාසයක් තියනවා. ඒ ඉතිහාසය ඇතුලේ දේවල් ගලාගිය පිළිවෙලක් තියනවා. මිනිස්සු කියන්නේ ඒ ඉතිහාසයේ නිර්මාණයක් ගොඩක් වෙලාවට.
71කේ සෑහෙන දුරකට පොලිසිය සහ හමුදාව මේ කලාව ප්‍රගුණ කළා. ඒක තරුණ සමාජය ඇතුලේ මුදාහැරිය. ඒ මිනිස්සු අරගල කළේ කුමක් සඳහාද කියන එක ගැනවත් මේ ''ආරක්ෂක අංශය'' කියන අයට හැඟීමක් තිබ්බේ නැහැ.
කවදාවත් උසස් මිනිස් අභිලාෂයන් කියන ඒක එයාල දැනගෙන හිටියේ නැහැ. නැත්නම් දැනගන්න ඕනි උනේ නැහැ.
88-89ට එනකොට මේ ඝාතන කලාව සංධවනියක් උණා. හිතූ හිතූ විදියට මරල පාරේ පුච්චන්න ගත්ත. උඹල නැගිට්ටොත් පාරේ පුච්චනවා කියන පණිවිඩය දුන්න. ඒ සංධවනිය මෙහෙයවන්න රන්ජන් විජේරත්න ප්‍රේමදාස උඩුගම්පොල වගේ මාස්ටර්ල හිටිය (maestro).
උතුරේ අරගලය ඉවර වෙනකොට මේ 'මානුෂික මෙහෙයුම්' කරපු සංධවනියේ අය අතින් ඒක ''ඝාතන කෙතක්'' (killing field) බවට පත්වුණා කියල ලෝකයට වාර්තා වෙලා තියනවා.
ලංකාව ඝාතන කෙතක් කරපු අයගෙන් අපිට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ තමයි.
ඒ අනුව බුකියේ කවුරුහරි ලියල තිබ්බ නාරම්මල දී, රඹුක්කන දී අපි දැක්කේ අහම්බයන් නෙවෙයි, මේ තමයි ලංකාවේ පොලිස් නිලධාරියෙක්ගේ සාමාන්‍ය තත්වය කියල. මේ දැක්ක දේ අතිශයින් සාමාන්‍යයි කියල. මොකද මේක නිශ්චිත ඉතිහාසයක ප්‍රථිපලයක් නිසා.
ඝාතන සංධවනියක් සහිත අඳුරු සංස්කෘතියක් ඇතුලේ සංස්කෘතිකකරණය වෙච්ච පොලිස් නිලධාරියෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි....
''ඝාතන කලාව'' කියල ඉංග්‍රීසියෙන් ලියල තියනවා මම මුල්වරට දැක්කේ රිචඩ් ද සොයිසාගේ කවියක.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)