බොහෝ දෙන තවමත් පෝලිම් යුගයක් යැයි ප්‍රතික්ෂේප කරන රාජ්‍යවාදී ආර්ථිකයට සහ අනෙක් පිරිස

වෙන විසඳුමක් නැතැයි කියමින් මේ අපරාධ පිරි, දූෂිත, අශිෂ්ට සමාජයේම ජීවත්වීමට උත්සාහ කරන විවෘත වෙළඳපල ආර්ථිකයටද වෙනස් අලුත් ආර්ථික තේරීමක් අපට තිබිය යුතුය.

එය මේ ලෝකයේ තිබෙන්නේ කොහේ දැයි අසන අයට ඉතාම කෙටියෙන් මා කියන්නේ, ලෝකේ වෙනත් තැනක විකල්ප හැදෙන තෙක් සිටින්නට මා සූදානම් නැති බවත්, වෙනත් අයට අවශ්‍ය නම් අප හදා ගන්නා විකල්පය කොපි කර ගැනීමේ තහනමක් නැති බවත්ය.

එවැනි නව විකල්පයක් සංකල්පගත කර ගැනීමේදී මූලික ලක්ෂණ පිළිබඳව සමාජ අවබෝධයක් මෙන්ම බහුතර එකඟතාවක් තිබිය යුතුයැයි මම සිතමි.

මේ කතා කරන්නේ සමාජ කතිකාවක් ඔස්සේ පොදු එකඟතාවක් ඇතිව ක්‍රියාත්මක කෙරෙන්නාවූ නව ආර්ථික තේරීමක් සමග ඊට ගැලපෙන, ඊට අවශ්‍ය ව්‍යවස්ථාපිත ආණ්ඩු පාලනයක් සඳහා තිබිය යුතු රාජ්‍යයේ ස්වරූපයද ගැනය.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


000001

000002

000003

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්