Karma Fight League (KFL) 002 සටන් ක්‍රීඩා තරගාවලියේ අපරාජිත ශූරිය වන නිමේෂා කුමාරි ට

අභියෝග කිරීම පිණිස ඉන්දියානු K-1 සුපිරි තරුව වන Kaberi Gayari දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

Kaberi Gayari
2023 Kings of Kings ජාතික ශූරිය වන Kaberi හා නිමේෂා කුමාරි අතර ක්‍රීඩා ලෝලීන් බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තු වූ තරගය හෙට මාර්තු 30 වැනි දින පැවැත්වීමට නියමිතයි.

K-1 ශූරතාවලියේ කිරුළු ගණනාවක් හිමිකර ගෙන සිටින Kaberi දිවයිනට පැමිණ සිටින්නේ ඉන්දියා ආධුනික K-1 සම්මේලනයේ සභාපති ජොන්සන් ටිර්කී සහ ලේකම් රාජේශ් බෙන්ජමින් සමග. මෙය දකුණු ආසියානු සටන් ක්‍රීඩාවේ ව්‍යාප්තිය සනිටුහන් කරන වැදගත් අවස්ථාවක්.

2019, 2020 හා 2021 වසරවල WBC කිරුළ සහ Muay Thai ජාතික ශූරතාව හිමිකර ගෙන සිටින නිමේෂා කුමාරි ශ්‍රී ලාංකික MMA හා K-1 තරග බිමේ ආධිපත්‍ය පතුරුවා සිටින තරගකාරියක්. කෙසේ වෙතත්, ඇය මෙවර Kaberi ට එරෙහිව මුහුණ දෙන්නේ ඇගේ ක්‍රීඩා දිවියේ ප්‍රබලතම අභියෝගයට.

අසාමාන්‍ය දක්ෂතා තිබෙන සටන්කාරියන් දෙදෙනෙකු අතර පැවැත්වෙන මේ තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

KFL යනු ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානතම K1 වෘත්තීය සටන් ලීගය යි. සටන් ක්‍රීඩාවන්ට ආදරය කරන පිරිසක් විසින් පිහිටුවා ගනු ලැබූ මේ ලීගය ශ්‍රී ලාංකික සටන් ශිල්පීන් ඉහළට ඔසවා තැබීම, ත්‍රාසජනක K1 තරගාවලියක උරුමයක් ස්ථාපිත කිරීම හා රටේ ක්‍රීඩා විනෝදයේ මුහුණුවර වෙනස් කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා.

 සටහන :

වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image