සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවූ ''සාරාවියෝ'' ලිපි පෙළෙහි අවසන් ලිපිය.

 

saaraaසම්පූර්ණ නම - ඉමදුව පරණ හේවාගේ රතිකා

අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (සා/පෙළ)

වෘත්තීය- සැලුන් එකක් පවත්වාගෙන යෑම, ඇඳුම් මැසීම

දැනට දරන තනතුර - ප්‍රාදේශීය සභා මන්ත්‍රී

දේශපාලන පවුල් පසුබිම- පසුබිමක් නැත

නියෝජනය කරන කොට්ඨාශය - මාතර  දෙවිනුවර දකුණ එජාප

 

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

මුලින් මට ඇත්තටම දේශපාලනයට එන්න තීරණයක් තිබ්බෙ නෑ. මට මේ තනතුරට ආරාධනා ලැබුණට පස්සෙ තමයි කැමැත්තක් ඇති වුණේ.. ගමේ අය තමයි යෝජනා කරල තිබුණෙ.

 

ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?

ඇත්තටම ඉඩක් තියෙනවා. ඒත් අපහසුතාත් තියෙනවා. ඒත් කරන්න බැරිකමක් නෑ.
 

ඔබට මේ දේශපාලන ගමනෙදි වැඩියෙන්ම සහයෝගය දුන්නෙ කව් ද?

මගේ පවුලෙ අය තමයි සහාය දුන්නෙ.

 

දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව් ද?

කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ. මම ආවට ගොඩක් අය සතුටු උනා.

 

ඔබ විශ්වාස කරනව ද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?

ඇත්තටම අවශ්‍යයි. ඒත් කාන්තාවන්ට කරදර, ප්‍රශ්න තියෙනවා. ඒත් කාන්තාවන්ට අනිත් අයව, විශේෂයෙන් පිරිමි අයව පාලනය කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා.


නායිකාවක් වෙන්නම් මොන වගේ කැපකිරීමක් කරන්න වෙනව ද? ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

නිහතමානී වෙන්න ඕනි. හැමෝම එක්ක එක සමානව වැඩ කරගෙන යන්න ඕනි. ඒ වගේම හැම කෙනෙක් එක්කම සුහදව වැඩ කරගෙන යන්න ඕනි. නායකයෙක් බිහිවෙන්න නම්, මේ ගුණාංග ඇතුළත් වෙන්න ඕන. එතකොට නායකයෙක් බවට ඉබේම පත්වෙනවා.


ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනව ද?

ඇත්තටම ඉගෙනගන්න ඕන. අපි දේශපාලනයට ආවට පස්සෙ තමයි ගොඩක් දේවල් දැනගත්තේ. නැත්තම් කිසි දෙයක් දන්නෙ නෑ. අපි ඡන්දයක් දානව විතරයි සිද්ධ උනේ. කාන්තා නියෝජිතවරියක් වුණාට පස්සෙ තමයි දේශපාලනය කියන්නෙ පුළුල් ක්ෂේත්‍රයක් කියලා දැනගත්තෙ. මම හිතුවෙම නැහැ මේ දේශපාලනය මෙච්චරම අමාරු වැඩක් කියල.

 

ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවා ද? ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

සතුටුයි. නමුත් හිතේ කලකිරීමක් තියෙන්නෙ. මිනිස්සුන්ට දීපු පොරොන්දු ඉෂ්ඨ කරගන්න බැරි වුණා. හිතේ ශක්තිය එකපාරටම නැති උනා වගේ උනා. ඉතින් ඒවා නිසා ලොකු දුකක් තියෙනවා. ඒතට හේතුව තමයි අපිට මිනිස්සුන්ට හැමදාම බොරු කියන්න බෑ. ඉතින් මිනිස්සුන්ගෙ විශ්වාසය නැති වුණා. දේශපාලනය තුළ වැඩි වශයෙන්ම කියන්න වෙන්නෙ බොරු. සමාජයේ ප්‍රචලිත වෙලා තියෙන්නෙ දේශපාලකයෝ කියන්නෙ බොරුකාරයෝ කියලා. ඉතින් මේවා කණට ඇහෙද්දි ලොකු දුකක් තියෙනවා.


අපිට අදහස් තිබුනට වැඩක් වෙන්නෙ නැහැ. දේශපාලනය ගැන ලොකු කළකිරීමක් තියෙන්නෙ. කරගෙන ආපු වැඩ සියල්ල අතෑරලා මේවට බැස්සෙ. කරපු දේවල් කරගෙන හිටියනම් සල්ලි හම්බකරගෙන ජීවත් වෙන්න තිබුන. අපිට යෝජනාවක්වත් දෙන්න හිතෙන්නෙ නැහැ මේ නිසා. ඇත්තටම දේශපාලනය ගැන කලකිරීමක් තියෙන්නෙ.


ඔබට සහයෝගය දීපු අය ගැන සඳහන් කරන්න කලොත්?

පවුලෙ අය සහ ගමේ අය තමයි සහය වුණේ. පක්ෂයේ කිසිම සහයෝගයක් නෑ. සභාවෙන් වත් සහයෝගයක් නැහැ.

 

Mawbima 

සැබැඳි ලිපි
 
 
 
 
 
 
 
 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්