අගමැතිවරයාගේ උපදේශකවරයෙකුද වන හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනවාරි 07 වැනිදා

' දිවයින ' පුවත්පතේ පිටුවක් පුරා ලියා ඇති දීර්ඝ ලිපියක් මගින් බැඳුම්කර පිළිබඳව ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාව දැඩිව විවේචනයට ලක් කර තිබුණා.

ලිපියේ සිරල්තලය වුණේ ' බැදුම්කර වංචා වසන් කිරීමේ අලුත්ම මෙහෙයුම වෝහාරික විගණන' යන්න. මීට සති දෙකකට පමණ පෙර එම කරුණුම ඇතුළත් ඉංග්‍රීසි ලිපියක් ඩේලි එෆ්ටී පුවත්පතේ පළවී තිබුණා.

ලිපියේ රචකයාගේ නම ලෙස සඳහන් වුණේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක හා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියායි. ඒ අනුව පැහැදිලි වෙන්නේ Text 14 4වත්මන් ආණ්ඩුවේ කේන්ද්‍රයෙන්ම වෝහාරික විගණන වාර්තාවලට එරෙහි හඬක් මතුව තිබෙන බව.

මේ ඇරඹුමෙන් පසුව, ඉදිරියේදී දේශපාලනඥයන්ද වාචාල ප්‍රවේශයකින් වෝහාරික විගණන වාර්තාව නම් මුවහමට තලන්නට පටන්ගැනීමේ ඉඩක් තියෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණු වෝහාරික විගණන වාර්තාව ඉන්පසුව නීතිපති දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණා. නීතිපති දෙපාර්තුමේන්තුවෙන් කෝප් කමිටුවට සහ මුදල් ඇමතිවරයාට වෝහාරික විගණන වාර්තාව ලබාදී තිබුණා. ඒ අනුව එම වාර්තාව මේ වෙද්දී පාර්ශව හතරක් සතුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ අතරින් එක් අයෙක්. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ළඟ වෝහාරික  විගණන වාර්තාව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දෙන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අනිවාර්යයෙන්ම දැනටමත් වෝහාරික විගණනය කියවා ඇති. එක්වරම මෙවැනි හඬක් නැගෙන්නේ එය කියැවීවෙන් පසුව විය හැකිය.

 

කබ්රාල්ගේ විවේචනය මොකක්ද?

මූලික වශයෙන් කබ්රාල් මහතා පෙන්වන්නට උත්සාහ කරන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් 2015 ට පෙර වංචාවක් සිදුව ඇතැයි නිශ්චිතව නොකියන බව, යම් අක්‍රමිකතා සිදුවෙන්නට ' අවකාශයක් ' ඇතැයි හිතන්නට 'සාධක ' තියෙන බව පමණක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් කියන බව ඔහු පෙන්වනවා.

ජනාධිපති කොමිෂන් සභාවෙන් වංචාවක් සිදුවීමට අවකාශය ඇතැයි  කීවත් මීට කලින් අන්තර්ජාතික විගණකවරුන්ද, විගණකාධිපති දෙපාර්තුමේන්තුවෙන්ද මහ බැංකුව විගණනයට භාජනය වී ඇති බවත් ඔහු කියනවා.

Text 14 5විගණකාධිපතිවරයා 2008 සිට 2016 දක්වා කාලසීමාවට අදාලව සෘජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම ගැන විශේෂ විගණන වාර්තාවක්ද ඉදිරිපත් කළ බව ඔහු කියනවා. එයින් වංචාවක් ගැන තොරතුරු හෙළි නොවු බව ඔහු කියනවා. අවසානයේ ඔහු කතාව ගෙනෙන්නේ වෝහාරික විගණන වාර්තාවක් ඉල්ලීම කුමන්ත්‍රණයක් බව පෙන්වීම දක්වායි. ඊනියා වෝහාරික විගණනය යන වචනයත් ඔහු පාවිච්චි කරනවා. ලිපියේ මෙසේ සඳහන් වෙනවා.

'අන් අය මත දෝෂාරෝපණය පැටවීමටත් වංචාවේ මහ මොළකරුට කාලය ලබා ගැනීමත් ඉලක්ක කරගෙන, 2015 සහ 2016 දැවැන්ත බැදුම්කර වංචාවල පරීක්ෂණ වෙනත් අතට යොමු කරවීමට ඉඩකඩ ලබා ගත හැකි වන පරිදි, පිළිගත හැකි දත්ත, තොරතුරු හෝ සාක්ෂි නොමැති වුවත්, හිටපු අගමැතිවරයාගේ යෝජනාවක් ප්‍රකාරව වෝහාරික විගණන සංකල්පය සූක්ෂම ලෙස කොමිෂන් සභාවේ වාර්තාවට ඇතුළත් කරන ලද බවද පෙනී යයි.'

මහ බැංකුවේ ප්‍රධානීන්ගේ වුවමනාවට වෝහාරික විගණන වාර්තාව සිදුකර ඇති බවත්, විගණනය නිවැරදිව කරන්නට නම් එය කළ යුත්තේ බාහිර පාර්ශවයක් බවත් ඔහු ලියනවා.

' විධිමත් වෝහාරික විගණනයක අතවශ්‍ය මූලික කරුණු හා සපුරා ගැටෙන පරිදි වෝහාරික විගණනය ආරම්භ කර ඇත්තේ මුදල් මණ්ඩලයයි. එය ක්‍රියාත්මක කර ඇත්තේ මුදල් මණ්ඩලයයි. මෙවැනි අවස්ථාවලදී භාවිත වන කදිම සිංහල කියමනක් ඇත. එනම් , හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ යන කියමන! මුදල් මණ්ඩලයට වෝහාරික විගණනය හසුරුවීම භාරදීමෙන් එම මණ්ඩලය සැකකරු විමර්ශනයේ භාරකරු බවට පත්වීමෙන් , එම කියමනෙන් අදහස් කළ තත්වයට සමාන තත්වයක් නිසැකයෙන්ම උදාවී ඇත.'

ඔහු මතුකර කාරණා පදනම් සහගතද යන්න අප සොයාබැලිය යුතුයි. පළවැනි කාරණාව 2008- 2015 කාලයේ බැඳුම්කර ගනුදෙනු ගැන සැකයක් ඇති කරගන්නට පදනම් සහගත හේතු තිබෙනවාද යන්න. දෙවැනි කාරණාව වෝහාරික විගණනය මහ බැංකුවේ වුවමනාවට කළ එකක්ද යන්න.

 

2015 පෙර ගනුදෙනු පිරිසිදුද?

විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ වාර්තාවෙන් මෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන්ද 2008-2015 කාලසීමාව දක්වා බැඳුම්කර ගනුදෙනුවලදී වංචාවක් සිදුව 'ඇති' බව නිශ්චිතව නොකීවත්, එම ගනුදෙනුවලදී වැරැද්දක් සිදුව 'නැති' බව කියන්නේත් නැත.

ජනාධිපති කොමිෂන් සභාව එම කාලසීමාව ගැන දීර්ඝ අධ්‍යයනයක් කර නැහැ. ඔවුන් නිශ්චිතව අදහස් පළ නොකරන්නේ ඒ නිසයි.

විගණකාධිපති දෙපාර්තුමේන්තුව 2008- 2015 කාලසීමාවේදී සිදුකළ බැඳුම්කර ගනුදෙනුවලට අදාලව වෙනම වාර්තාවක් ඉදිරිපත් කළත්, ඔවුන් නිගමන ඉදිරිපත් කරන්නේ නැහැ. එයට එක් හේතුවත් ලෙස එවකට විගණකාධිපති ගාමිණී විජේසිංහ පැහැදිලිව සඳහන් කර තිබුණේ එවකට සිටි මුදල් අමාත්‍යවරයා ' නොඉවසිල්ලෙන් හා අශීලාචාර ලෙස ' ඉක්මනින් වාර්තාව ඉදිරිපත් කරන ලෙස වරින් වර ඉල්ලීම. ඒ නිසා අවශ්‍ය තරමට එම කාලසීමාවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව අධ්‍යනය කළ නොහැකි වූ බව එම වාර්තාවේ පැහැදිලිව තිබෙනවා. අනෙක් අතට සාමාන්‍ය විගණකාධිපති වාර්තාවකට ගමන් කළ හැකි සීමාවක් තියෙනවා. එම සීමාකාරී තත්වයන්ද ඔවුන්ට පහරක් වී තිබුණු බව පැහැදිලිව වාර්තාවේ සඳහන් වන බව පෙනෙනවා.

එහෙත් එම වාර්තාවෙහි සඳහන්ව තිබෙන ' තොරතුරු ප්‍රවේශමෙන් සැලකිල්ලට ගන්නා කෙනෙකුට 2008- 2015 කාලසීමාව ගැන සැකයක් ඇති කර ගැනීමට පැහැදිලි හැකියාවක් තිබෙනවා.

 

සෘජු ක්‍රමයට පමණක් බැඳුම්කර නිකුත් කිරීම සැක සහිතයි !

බැඳුම්කර ගනුදෙනු වලදී පාවිච්චි කරන ක්‍රම දෙකක් තිබෙනවා. පළවෙනි ක්‍රමය වන්නේ වෙන්දේසී ක්‍රමය අනෙක් ක්‍රමය වන්නේ සෘජු නිකුතු ක්‍රමය. ලොව විවිධ රාජ්‍යයන් අවශ්‍යතාවය අනුව මෙම ක්‍රමවේද දෙකම අඩුවැඩි වශයෙන් පාවිච්චි කරනවා. ශ්‍රී ලංකාවේ මහ බැංකුවත් ක්‍රම දෙකම පාවිච්චි කර තිබුණා.Text 14 6 

එහෙත් 2008 සිට රාජපක්ෂ ආණ්ඩුව මහ බැංකු සෘජු නිකුතු ක්‍රමය අධික ලෙස පාවිච්චි කරන්නට පටන්ගෙන තිබුණා. 2014 දක්වා සිදුකළ බැඳුම්කර ගනුදෙනු අතරින් සීයට 90ක්ම සෘජු ක්‍රමයට ලබාදී තිබෙනවා. එම ක්‍රමය වංචාවක් සිදුවීමට විශාල ඉඩක් තිබෙන ක්‍රමයක්.

එහිදී සිදුවන්නේ මහ බැංකුව තීරණ්‍ය කරන පාර්ශ්වයකට තීරණය අගයක් අනුව බැඳුම්කර නිකුත් කිරීම බැලු බැල්මට මෙම ක්‍රමය අයහපත් වුණත්, මෙම ක්‍රමයත් පැවතීම වැදගත්. රජයට ඇතිවෙන හදිසි මුදල් අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රධාන වශයෙන් ඒ ක්‍රමය අවශ්‍ය වෙනවා. එහෙත් අසාමාන්‍ය ලෙස සෘජු ක්‍රමයට පමණක් බැඳුම්කර නිකුත් කිරීම සැක සහිතයි.

වෙන්දේසි ක්‍රමය අප ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි සරල සංකල්පයක්. එහිදී සිදු වන්නේ පාර්ශවයන් ගණනාවකට යම් භාණ්ඩයටකට තමා ගෙවන්නට කැමති මිල ඉදිරිපත් කිරීමට සමාන අවස්ථාවක් ලැබීමයි. ඒ අනුව වැඩිම මිලක් ගෙවීමට කැමති පුද්ගලයාට භාණ්ඩ හිමිවෙනවා.

අඩු වැඩි වශයෙන් වෙන්දේසි ක්‍රමයට බැඳුම්කර නිකුත් කරද්දීත් සිදුවන්නේ එයමයි. දීර්ඝකාලීනව මුදල් අවශ්‍යතා සැලසුම් කොට, රජයට හැකි ඉහළම අගයට වෙන්දේසී මඟින් බැඳුම්කර නිකුත් කිරීම යහපත්. අවශ්‍යතාවක් ඇති මොහොතක වෙස්දේසි ක්‍රමය පාවිච්චි කළ හැකිය.

 

යහපාලන රජය සීයට සීයක් වෙන්දේසි ක්‍රමයට...

2015 මාර්තු මාසයෙන් පසු යහපාලන රජය සීයට සීයක් වෙන්දේසි ක්‍රමයට මැරුවී තිබුණා. ක්‍රමයක් හැටියට එය යහපත්. එහෙත් බැඳුම්කර වංචාකළේ ඒ කාලයේදී. වංචාව කළේ වෙන්දේසි ක්‍රමයේ නීතිරිති ආදිය එක් පාර්ශ්වයටකට වාසි සහගත ලෙස වෙනස් කිරීමෙන්. මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුවු බව පැහැදිළිව පෙනේන්නේ වෙන්දේසි ක්‍රමය පාවිච්චි කළ නිසා.

වෙන්දේසියක් නොකැඳවා සෘජු ක්‍රමයට එදා බැඳුම්කර නිකුත් කර තිබුණා නම් මෙය වංචාවක් ලෙස හඳුනාගන්න බැහැ.  2015ට කලින් ගනුදෙනු බොහෝමයක අග මුල සෙවීම සාමාන්‍ය විගණකාධිපති විමර්ශනයකට නොහැකි වී ඇත්තේ ඒ නිසායි. අප කලින් කී විගණකාධිපති වාර්තාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන්නේ, සෘජු ක්‍රමය යටතේ විධිමත් ක්‍රමවේදයක් තිබුණේ නැති බව.

සෘජු ක්‍රමයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරද්දී එක් එක් අවස්ථාව සඳහා නිශ්චිත මුදල් මණ්ඩල අනුමැතිය හෝ වෙනත් කමිටුවක සාමූහික අනුමැතිය ලබාගැනීමේ ක්‍රමයක් හඳුන්වාදී නැති බව විගණකාධිපති වාර්තාවෙන් කියනවා.  ඒ අනුව එකිනෙක බැඳුම්කර නිකුත් කිරීමට අදාල තොරතුරු පත්‍රිකාවේ ටෙන්ඩර් කමිටු සභාපති ලෙස අත්සන් තබා තිබුණත් එම නිකුත් කිරීම ටෙන්ඩර් මණ්ඩල ඇගයීමක් සිදුවන බව විගණකාධිපති දෙපාර්තුමේන්තුවට තහවුරු වී තිබුණේ නැහැ.

අනෙක් පැත්තෙක් විගණකාධිපති දෙපාර්තුමේන්තුව කියන්නේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙහෙයුම් අත්පොතේ වෙන්දේසි ක්‍රමය අදාලව හඳුන්වා දී ඇති පාලන ක්‍රමවලට සාපේක්ෂව බලද්දී සෘජු ක්‍රමය පාලනය කිරීම සඳහා ක්‍රම නොමැති බව.

 

බැඳුම්කර විකුණන්නේ කාටදැයි තීන්දු කරන්නට විධිමත් ක්‍රමයක් තිබී නෑ :

ඒ අනුව ප්‍රාථමික ගැනුම්කරුවන්ට බැඳුම්කර අලෙවි කිරීම සඳහා කැඳවීම කරන ආකාරය නිශ්චිත නැහැ. ඒ අනුව ගැනුම්කාරයෙක්ව කැඳවීම නිශ්චිත ක්‍රමයට සිදුවී නැහැ.

කැඳවීම කරන ප්‍රාථමික ගැනුම්කරුවන් කවුරුන්ද යන්න තීරණය කරන ආකාරය නිශ්චිතව දක්වා නැහැ. සරලව කීවොත්, බැඳුම්කර විකුණන්නේ කාටදැයි තීන්දු කරන්නට විධිමත් ක්‍රමයක් නෑ. සියලු ප්‍රාතමික ගැනුම්කරුවන්ට සමාන අවස්ථා ලබාගත හැකි පරිදි බැඳුම්කර ඉල්ලුම් කිරීමට ප්‍රාථමික ගැනුම්කරුවන් දැනුවත් කරන ආකාරය නිශ්චිතව හඳුන්වා නැහැ.

Text 14 7අනෙක් ගැටලුව ඇත්තේ 2008-2014 කාලයේ විනිවිදභාවයක් නැති ක්‍රමයක් පාවිච්චි කරමින් බැඳුම්කර ලබාදී ඇති සමාගම් මොනවාද යන්නයි. ඒ සමාගම් අතර එන්ට්‍රස්ට් සමාගමත් ඉන්නවා. ලංකා විදුලිබල මණ්ඩලය , සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සතුව තිබුණු මුදල් එන්ට්‍රස්ට් සමාගමෙහි ආයෝජනය කරමින් රජයට රුපියල් බිලියන 12කට වැඩි හානියක් සිදුකළ බවට මීට පෙර චෝදනා එල්ලවී තිබුණා.

දූෂිත බව අපි හොඳින්ම දන්නා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමටත් 2014 වසරේදී රුපියල් මිලියන 2500ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබෙනවා. 

එමෙන්ම නිකුත් කර ඇති සෘජු බැඳුම්කරවලින් සීයට 57ක් අලෙවි කර ඇත්තේ බලාපොරොත්තු වුණාට වඩා අඩු මිලකට බව විගණකාධිපති වාර්තාව කියනවා. ඒ අනුව පෞද්ගලික සමාගම්වලට එය ද්විතීය වෙළඳපොලේදී වැඩි මිලට අලෙවි කිරීමට අවස්ථා ලැබෙනවා.

බැඳුම්කර මිලදී ගන්නා සමාගමක් ලාභ ලබන්නේ ඒ බැඳුම්කර වැඩි මිලට නැවත අලෙවි කරමින්. ඒ ආකාරයට නැවත අලෙවි කිරීම ද්විතීයික වෙළඳපොල ලෙද හඳුන්වනවා. මහ බැංකුවෙන් මිලදි ගැනීම ප්‍රාථමික වෙළඳපොල ලෙස හඳුන්වනවා. ප්‍රාථමික වෙළඳපොලෙන් හැකි තරමි අඩු මිලට බැඳුම්කරයක් ගත්තොත්,උපරිම ලාභයක් ලබාගෙන වැඩි මිලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

ඒ සියල්ල දැකීමෙන් පසුවත් විගණකාධිපති වාර්තාව කිසිම ගැටලුවක් නිරීක්ෂණය කර නොමැත්තේ , ඔවුන්ගේ සීමාව තුළ ඒ එ ගනුදෙනු වල පසුබිම ගැඹුරින් සෙවිමේ හැකියාවක් විගණකාධිපති දෙපාර්තුමේන්තුවට නැති නිසා.

 

වෝහාරික විගණනයක් අවශ්‍ය වුනේ ඇයි ?

Text 14 8වෝහාරික විගණනයක් ඕනෑ වෙන්නේ විගණකාධිපති දෙපාර්තුවෙන් නොකී කොටස සෙවීමටයි. ඒ නිසා විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ නිගමනවල ගැටලුවක් නැති නිසා වෝහාරික විගණනයක් අනවශ්‍ය බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියන කතාව පිළිගත නොහැකියි.

අප ඉහතින් කීවේ බැඳුම්කර නිකුත් කිරීමට අදාල කාරණා පමණයි. වෝහාරික විගණන වාර්තාවෙන් සේවක අර්ථසාධක අරමුදල ගැනත් සොයාබලනවා. සේවක අර්ථසාධක අරමුදල රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී  මහා පරිමාණයෙන් අවභාවිත කර තිබෙන බව දැනටමත් ජනතාව දන්නවා. ඒ පිළිබඳව විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ සාමාන්‍ය විගණන වාර්තාවක් මීට පෙර නිකුත් කර තිබුණා. ඒ විගණන වාර්තාවේ නම් පැහැදිලිවම ගැටලු පෙන්වා දී තිබුණා. 

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ගැනනම් , වෝහාරික විගණන වාර්තාවල රාජපක්ෂ ආණ්ඩුවට අතිශය අවාසිදායක කරුණු තිබිය හැකි බව පැහැදිලියි. දීලිත් ජයවීරට අයිති සන්ඩේ මෝනින් පුවත්පත පුවතක් මගින් කියා ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරිමෙන් රුපියල් බිලියන 9ක පාඩුවක් සිදුව ඇති බව වෝහාරික විගණන වාර්තාවේ සඳහන්ව තිබෙන බව.

2010- 2012 කාලසීමාවේදී වැඩිම පාඩුවක් සිදුව ඇතැයි එම වාර්තාවෙහි සඳහන් වන බව ඔවුන් කියා තිබුණා.

 

වෝහාරික වාර්තාවක් කියන්නේ මොකක්ද?

ඉන්වෙස්ටෝපීඩියා නම් ලෝක ප්‍රකට ආයෝජන වෙබ් අඩවියෙහි වෝහාරික විගණන වාර්තාවක් යනු කුමක්දැයි කර ඇති පැහැඳිළි කිරීම ඇසුරෙන් අප වෝහාරික විගණන වාර්තා යනු කුමක්දැයි මෙහි සඳහන් කරනවා.

අධිකරණයේදී හෝ වෙනත් නීතිමය ක්‍රියාවලියකදී සාක්ෂියක් ලෙස පාවිච්චි කළ හැකි ආකාරයේ මූල්‍යමය ගැටලුවක් තිබෙනවාද යන්න සොයා බැලීමයි. එය මූල්‍යමය අපරාධයක් පිළිබඳව අධිකරණමය ස්වරූපයෙන් සොයා බැලීමක් ලෙසත් සලකනවා. මූල්‍යමය අපරාධයක් නොවන බංකළොත් වීමකට අදාල මත ගැටුම්, දික්කාසාදයකදී දේපළ ගැන මත ගැටුම් වැනි අවස්ථාවල ඒවා ගැන සොයා බලන්නේද වෝහාරික විගණනයකින්. අධිකරණය පිළීගන්නේ වෝහාරික විගණන වාර්තාවක් .

වෝහාරික විගණනයක් සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ සහ විගණන ක්ෂේත්‍රයේ විශේෂඥයන් අවැසි වෙනවා. විගණනවලට අදාල නීතිමය දැනුමත් එයට අවශ්‍යයි. එම සුදුසුකම් තිබෙන සමාගම් වෝහාරික විගණන කරනවා.

සාමාන්‍ය විගණනයකින් සොයා බලන්නේ ගිණුම්වල සඳහන් වන කරුණුවල පරස්පරයක, දෝෂයක් හෝ ගැටලුවක් තිබෙනවාද කියායි. වෝහාරික විගණනයකින් ඊට එහා යනවා. ළබැඳියාවන් අතර ගැටුමක් තිබෙනවාද යන්න, අල්ලස් ගැනීම හෝ ලබාදීම සිදුව තිබෙනවාද යන්න, අසාධාරණ ලෙස බලෙන් පැහැරගැනීමක් කර තිබෙනවාද යන්න එහිදී සොයා බලනවා.

ඒ අනුව ගිණුම් වාර්තා පමණක් නොව ඒවාට මැදිහත් වුණ පුද්ගලයන්, ඔවුන්ගේ සම්බන්ධතා හා හැසිරීම් ගැනත් හොයනවා. එ සියල්ලෙන් පසුව සාමාන්‍යයෙන් වෝහාරික විගණනයක් සිදුකළ කෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමත් සිද්ධවෙනවා.

 

මේ වාර්තාව හැදුවේ මහ බැංකුවට ඕනෑ විදියටද?

අනෙක් පැත්තෙන් කබ්රාල් මහතා පෙන්වන විදියට මහ බැංකුවේ ප්‍රධානීන් තමන්ගේ හිතුමතයට වෝහාරික විගණනයේ විෂය පථය තීරණය කළේ නැහැ. වෝහාරික විගණන  වාර්තා හයක් ලබාගැනීම සඳහා විෂය පථයක් හඳුනාගෙන තිබුණේ නීතිපතිවරයාගේ උපදෙස් සහ නිරීක්ෂණ සහිතව.

Text 14 92018 ජනවාරි සිට මැයි මාසය දක්වා එම සාකච්ඡා සිදුකර තිබුණා. ඊට අමතරව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව විගණකාධිපතිවරයාගේ උපදෙස්ද ලබාගෙන තිබුණා. විගණන සමාගම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ලක් කර තිබුණා. ඊට අමතර ප්‍රසම්පාදන කම්ටුවක් පත්කර තිබුණා. එහි නිරීක්ෂණකයෙකු ලෙස විගණකාධිපතිවරයාව පත්කර තිබුණා.  විගණන සමාගම් සඳහා ටෙන්ඩර් කැඳවූ දැන්වීම් ප්‍රසිද්ධ කර තිබුණා. එම සම්පූර්ණ ක්‍රියාවලිය දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර තිබුණා. ඒ අනුව වෝහාරික විගණන වාර්තා කැඳවා ඇත්තේ විනිවිදභාවයෙන් යුතුව.

තෝරාගත් එක් සමාගමක් වන්නේ කේ.පී.එම්.ජී. නම් ජාත්‍යන්තර සමාගම. මේ සමාගම තම ක්ෂේත්‍රයෙහි ලොව දැවැන්තම විගණක සමාගම් හතර අතරින් එකක්. වසර 33ක් පැරණි මේ සමාගමේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 29.75 ක් සේවකයන් සංඛාව 219,281ක්. රටවල් 154ක් පුරා ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

අනෙක් සමාගම් බීඩීඕ නම් විගණක සමාගම.එය ක්ෂේත්‍රයෙහි ලොව පස්වැනි විශාලම සමාගම. රටවල් 162ක ඔවුන් කටයුතු කරනවා. ඔවුන් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 8කට වැඩි ලාභයක් උපයනවා.

මෙතරම් දැවැන්ත සමාගම් දෙකක් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මහ බැංකුවේ පදයට නටන බව කබ්රාල් මහතා කියන්නට උත්සාහ කිරීම විහිළුවක් පමණයි. ඒ අනුව වෝහාරික විගණන වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලිය මත කළු තීන්ත තවරන්නට ගන්නා උත්සාහයත් පිළිගන්න බැහැ. අනෙක් අතට වෝහාරික විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වූ පසු , එහි ගැටලු තිබෙනවා නම් ඒවා ගැන සාකච්ඡා කළ හැකියි.

සමස්තයක් ලෙස අපට පෙනෙන්නේ වෝහාරික විගණන වාර්තාව දැකීමෙන් පසු එයින් හෙළිවෙන කරුණු ගැන බියට පත්වු අජිත් නිවාඩ් කබ්රාල් මහතාත්, ආණ්ඩුවත් දැන් එය යට  ගසන බවයි. 2015 සහ 2016 වංචා ගැන දැන් අලුතින් හෙළිවෙන්නට දෙයක් නැහැ. ජනතාව අලුතින් දැනගන්නට බලාපොරොත්තු වෙන්නේ 2015 ට පෙර කාලසීමාව ගැන ආණ්ඩුව ඒ ගැන මාරාන්තික බියකින් ඉන්නවා විය හැකිය.

 

කොමිසමේ නිර්දේශ

බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමේ 11 වැනි නිර්දේශයෙහි මෙලෙස සඳහන් වෙනවා.

'2015 ට පෙර සෘජු නිකුතු ක්‍රමය හරහා යම් අක්‍රමිකතා සිදු වීමට අවකාශයක් තිබිව හැකි බවට අදහස් ඇතිකර ගැනීමට ප්‍රමාණවත් සාධක තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වෙනවා.
'2008 සිට 2014 කාල සීමාව තුළ රාජ්‍ය නය දෙපාර්තුමේන්තුව විසින් කරන ලද බැඳුම්කර සෘජු නිකුතුවලදී  සැලකිය යුතු අක්‍රමිකතා සිදු වී තිබේද, එසේ නම් එවැනි අක්‍රමිකතාවන්ට වගකිව යුතු රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරීන්, ප්‍රාථමික වෙළෙන්ඳන් සහ වෙනත් පුද්ගලයන් කවුරුන් යන්නද හඳුනා ගැනීම සඳහා විමර්ශනයක් සිදු කළ යුතු යැයි අපි නිර්දේශ කරමු.

එසේම එවැනි අක්‍රමිකතා හේතුකොටගෙන රජයට අලාභ සිදුවී ඇත්නම් , ඒ අලාභ කොතෙක්ද යන්න ගණනය කිරීමත් එවැනි වීමර්ශනයකින් සිදු විය යුතුය. ඒ සඳහා වෝහාරික විගණනයක් උචිත විය හැකිය.'

 

පර්පෙචුවලටත් දීලා:

2008-2014 කාලයේ විනිවිදභාවයක් නැති ක්‍රමයක් පාවිච්චි කරමින් බැඳුම්කර ලබාදී ඇති සමාගම් මොනවාද යන්නයි. ඒ සමාගම් අතර එන්ට්‍රස්ට් සමාගමත් ඉන්නවා. ලංකා විදුලිබල මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සතුව තිබුණු මුදල් එන්ට්‍රස්ට් සමාගමෙහි ආයෝජනය කරමින් රජයට රුපියල් බිලියන 12කට වැඩි හානියක් සිදුකළ බවට මීට පෙර චෝදනා එල්ලවී තිබුණා. දූෂිත බව අප හොඳින්ම දන්නා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමටත් 2014 වසරේදී රුපියල් මිලියන 2500ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කර තිබෙනවා.

වාර්තා හැදූ සමාගම් එක් සමාගමක් වන්නේ කේ.පී.එම්.ජී. නම් ජාත්‍යන්තර සමාගම. මේ සමාගම තම ක්ෂේත්‍රයෙහි ලොව දැවැන්තම විගණක සමාගම් හතර අතරින් එකක්. වසර 33ක් පැරණි මේ සමාගමේ අදායම ඇමෙරිකානු ඩෝලර් බිලියන 29.75ක් සේවකයන් සංඛ්‍යාව 219,281ක් රටවල් 154ක් පුරා ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. අනෙක් සමාගම බීඩීඕ නම් විගණක සමාගමයි. එය ක්ෂේත්‍රයෙහි ලොව පස්වෙනි විශාලතම සමාගමයි.. රටවල් 162ක ඔවුන් කටයුතු කරනවා. ඔවුන් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියට 8කට වැඩි ලාභයක් උපයනවා.

මෙතරම් දැවැන්ත සමාගම් දෙකක් ශ්‍රී ලංකාව වගේ කුඩා රටක මහ බැංකුවේ පදයට නටන බව කබ්රාල් මහතා කියන්නට උත්සාහ කිරීම විහිළුවක් පමණයි.

(තරිඳු උඩුවරගෙදර -'අනිද්දා' පුවත්පතේ පළවූ ලිපියකි)

 

සබැඳි පුවත් :

බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි

ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්