මෙවර පැවැති උසස් පෙළ විභාගයට අදාල කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව

ප්‍රදේශයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකවරයක් ඊයේ (15) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව ප්‍රදේශයේ පාසලක කාර්යාල කාර්ය සහායකවරයකු ලෙස සේවය කළ අවුරුදු 38 ක පුද්ගලයකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කෘෂිකර්ම ප්‍රශ්න පත්‍ර සිසුවකුට මුදලට විකුණා ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කීය.

මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක විභාගය පැවැත්වෙන අවස්ථාවලදී සැකකරු ශාලාධිපතිවරයාට සහාය දෙමින් විභාග කටයුතුවලට සහාය ලබාදී ඇති අතර එහිදී සැකකරු එහි සිටින නිලධාරීන්ට හසු නොවන ආකාරයට ඉතා සූක්ෂමව කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහු විසින් තනිව මෙම පත්‍ර සොරකම් කිරීම සිදුකළාද නැතිනම් තවත් කවුරුහෝ ඔහුට සහාය වූයේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.

(lankadeepa.lk- ගයාන් සූරියආරච්චි)

සබැඳි පුවත් :
උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ලීක් කළ සැකකාර ගුරා රිමාන්ඩ්

උ/පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි - විමර්ශන රහස් පොලිසියට


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්