අවුරුදු 2500කට පෙර උතුරු ඉන්දියාවේ සොලොස් මහා ජනපදවල තිබුනේ උපනිශද්, ජෛන වගේ දර්ශණ. සාම්ප්‍රදායික ආගම වුනේ වෛදික

දර්ශනයෙන් කොපි කරපු හින්දු දහම. ඒක බාරව හිටියේ බ්‍රහාමණ පූජකවරු, බමුණෝ.

ඒ බමුණෝ මිනිස්සුන්ට ඉතාම තදින් කියාහිටීයේ ආත්මයක් තියනවා කියන එක තමයි මේ ලෝකේ පරම සත්‍ය කියලා. මේ සාම්ප්‍රදායික මතයට ඉතාම දරුණු ප්‍රහාරයක් එල්ල කරපු කෙනෙක් තමයි ගෞතම බුදුරජාන්වහන්සේ. උන්වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීමක් තමයි මේ ආත්ම දෘශ්ඨියට විරුද්ධ වීම. (ආත්මයක් නැත කියන මතයත් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ*)

ආත්මවාදයට එල්ල කරපු, තවමත් බිඳින්න අමාරු මේ අනත්ත සංකල්පය නිසා බුදුහාමුදුරුවොන්ට ජීවිත කාලෙම ගොඩක් ගැහැට විඳින්න වුනා සාම්ප්‍රදායික බමුණු පූජකයන්ගෙන්. ඒ දාර්ශනික ප්‍රශ්නයක් නිසා නෙවෙයි. කවුරුහරි වෙනස් මතයක් කියන්න ගියාම බිස්නස් කඩාකප්පල් වෙන නිසා, දායකයෝ පිට යන නිසා.

image 8

විසාකාව, අශෝක රජු, දේවානම්පියතිස්ස රජු මේ විදියට තමන්ට පරම්පරාවෙන් ආපූ ආගමට පිටින් ගිහින් අලුත් බුද්ධාගම වැලඳගත්ත කට්ටිය. මේ වගේ ප්‍රධාන දායකයෝ කැඩෙනකොට ඒ පූජකයන්ට තරහ යන එක අහන්න දෙයක් නෙවෙයි.  

බ්‍රාහ්මණ පූජකවරු කියපු තවත් එකක් තමයි අපි මහාබ්‍රහ්මයගේ කටින් ආවේ කුලහීනයෝ යටි පතුලෙන් ආවේ, ඒ මිනිස්සු දුක් වින්දට රජයට ඇමතිවරුන්ට පූජකයින්ට කරන්න දෙයක් නෑ, ඒක පූර්වයේ කල කර්මය කියලා.

මේ අදහසට පාලකයොත් ගොඩක් කැමතියි, කරුමේ පිට දාල බහුතරයක් මෝඩ මිනිස්සු රටව්ටන්න පුලුවන් නේ. මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ අයෙමත් ප්‍රකාශයක් කරනව, උපත මත නෙවෙයි කුලය තීරනය වෙන්නේ තමන් හිතන විදිය, කරන වැඩ උඩ කියලා. (වසල සූත්‍රය)

photo 1589400554239 7c6cf8393a6e 1621963758050 1621963763626

වර්ථමානයේ බුදුහාමුදුරුවෝ ලංකාවේ පහල වුනානම් අනිවාර්යයෙන්ම ඇප නැතුව රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන්න වෙනව. මේ වගේ සම්ප්‍රදායට, ආගමික විශ්වාසයන්ට වෙනස් මත ප්‍රකාශකීරීම නිසා, මිනිස්සු හරියට හිත් රිදවගන්න නිසා.

නතාශගේ ෆොටෝ එක දැම්මේ එයා බුදුහාමුදුරුවෝ වගේ කියන්න නෙවෙයි.

බුදුහාමුදුරුවෝ නිදහස් භාෂනයේ වටිනාකම ගැන දීපු පූර්වාදර්ශය ලංකාවේ බෞද්ධයැයි කියාගන්න අයට නතාශගේ සිද්දිය ආශ්‍රයෙන් නොතේරුනු නිසා, හිත් රිදවගෙන මහජන සාමය කඩාකප්පල් කරගන්න නිසා, තාම බුද්ධකාලයේ පෘථග්ජනයෝ වගේ දේශපාලන කැම්පේන්වලට අහුවෙන නිසා

සියලු සත්වයෝ අවෛරී වෙත්වා!


kalubowila(කලුබෝවිල ආනන්ද හිමි)

 

 

 

අන් මත ඉවසන්න පුරුදු වෙන්න!!!

මේ පෝස්ටුවට අදාලව කලුබෝවිල ආනන්ද හාමුදුරුවන් විසින් කෙනෙකුට දුන් පිළිතුරු කමෙන්ටුවක්.

සෝවාන් වෙන්න කලින් බටහිර සදාචාරය අනුවවත් අන් මත. ඉවසන්න පුරුදු වෙන්න!!!!

-බමුණුමත කියන්නේ හින්දු ලබ්ධිකයෝ දැඩි ශ්‍රද්දාවෙන් අදහන ආගමික විශ්වාස. බෞද්ධයන්ගේ දැන් හිත පෑරෙනවා ඒ කාලේ හින්දු මිනිස්සුන්ගෙත් හිත් පෑරෙන්න ඇති. බුදුහාමුදුරුවෝ කියපු දේවල් නිසා.

-තමන් හරි කියල හිතාගෙන ඉන්න එකට වෙන මිනිහෙක් වැරදියි කියල කිව්වම ඒක මානව නිදහස උල්ලංගනය වෙන ආකාරයේ භාශා අවභාවිතයක් නෙවෙයි.

-මම ඉන්න ටොරොන්ටෝ නගරයේ මම දන්න කවුරුත් සෝවාන් වෙලා නෑ, නමුත් විවිධාකාරයේ මතවලට ඒ නගරවැසියෝ ගොඩක් විවෘතයි. උදා හැලෝවීන් දවසට ජේසු තුමාවගේ ඇඳගත්ත කට්ටිය පාරේ ඇවිදිනවා. වෙසක් දවසට බුදුහාමුදුරුවෝ වගේ ඇඳගත්ත කෙනෙක් කොළඹ පාරේ ගියොත් සෝවාන් නොවුනු ලාංකිකයෝ කොච්චර කුපිත වෙයිද.

සෝවාන් වෙන්න කලින් අපිට අනිත් මතවලට විවෘත, අපි හිතන දේට විරුද්ද අදහසක් කියන අයට දඬුවම් දෙන්න ඕන කියන මානසිකත්වයෙන් අයින් වෙන්න පුලුවන්. (බටහිර සදාචාරයට අනුව )


(උපුටා ගැනීම - කලුබෝවිල ආනන්ද හිමියන්ගේ ෆේස්බුක් පිටුවෙන්)





සබැඳි ලිපි :

නතාෂා නිදහස් කර චෝදනා ඉවත් කරගන්න - CIVICUS, ගෝලීය සිවිල් සමාජ සන්ධානය

අපිටත් වඩා රනිල් ගැන විශ්වාසෙන් ඉදලා තියෙන්නෙ ජවිපෙ සහ ජනරජ පාක්ෂිකයන්- (චින්තන ධර්මදාස)

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! - කොළඹ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය

ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්

පැමිණිල්ලක් වූ පමණින් අත්අඩංගුවට ගැනීමක් සිදු විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! (චින්තන ධර්මදාස)

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)

නතාෂා අත්අඩංගුවට ගැනීම රුපවාහිනී පුවත් සිරස්තල ඇසින් - (Ethics Eye)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි! -((ජීවන්ත ලියනගේ)

කොමඩිය script එකක් ද? - (වරුණ රාජපක්ෂ)

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

#හෑයිය : නතාෂා කියන කතාව නුතන මව්වරුන් ඇසිය යුතුම කතාවක්

මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image