නතාෂාගේ performance එකේ තියෙන අඩුපාඩු, නතාෂා කරපු ජෝක් වල dryness එක, නතාෂා ගත්ත බොරු risk එක, නතාෂා ඇඳපු පලඳපු විදිහ

සමහරුන්ට සාධාරණ හේතුවක් ඈ ලබමින් ඉන්න දඬුවමට. නතාෂා බෞද්ධ කියන වචනය ප්‍රහසනයක් මැද්දේ කියපු එකම ඇති සමහරුන්ට මේ දඬුවම සාධාරණීකරණය කරන්න. නතාෂා සමාව ඉල්ලීම තමයි තවත් සමහරුන්ට සාධාරණ හේතුව. නතාෂාගේ comedy publish කරපු අයගේ පොලිටික්ස් සමහරුන්ට හේතුවක්.

මේ හේතු මොනවා මැද්දේ උනත් නතාෂාගේ චරිතය ඝාතනය කළ සහ ඇය “බුදුදහමට නිගා කළ කත” ලෙස label කරපු ප්‍රචාරණ වැඩසටහන මේ හැම හේතුවකටම හොඳ basement එකක් දැම්මා. නතාෂා ගැන නොදන්නා මිනිස්සුන්ට කියාදෙන්න තරම්, ලියන්න තරම් හිතේ නිදහසක් මේ වෙනතුරු තිබුනේ නෑ. ඒ වගේම එයාගේ කතාව මට කියන්න තියෙන අයිතිය ගැන කතා කරගන්න දවස් දෙක තුනකට වරක් ලැබෙන මිනිත්තු 10ක කලබලේ ඇතුලේ කොහොමත් නිදහසක් තිබුනේ නැහැ.

නමුත් ඇය නිකම්ම නිකං “බුදුදහමට නිගා කළ කත” කියල label කරලා, දඬුවම් කරලා තියෙන වෙලාවක මේ දේවල් ගැන ලඟපාත මිනිස්සුන්ට දැනගන්න හරි ලියනවා ඇරෙන්න grand strategy එකකට PR කරන්න අපිට කොහොමත් resources වත් හිතේ ඉස්පාසුවක් වත් මට නැහැ. එයාගේ writing සහ thinking publish වෙච්ච සමහර තැන් වල මමත් හිටියා. ඒ දෙක තුන මම මෙතන බෙදාගන්නවා.

නතාෂාගේ පරණ Blog එක

2020 දිහාවේ එයා fellowship එකකට apply කරනකොට බ්ලොග් එකක් හදන්න ඕනේ උනා එයාගේ writing එක්ක. කාලෙකට කලින් Ceylon Today එකට ලියපු article ටිකක් සහ කවි ටිකක් එකතු කරලා අපි බ්ලොග් එකක දැම්ම.

Paara Dige පාර දිගේ

paradige
තවත් බලන් ඉන්නද? කියල මේ නතාෂා ලියපු එක මගේ favourite එකක්. තවත් බලන් ඉන්නද? කියල මේ නතාෂා ලියපු එක මගේ favourite එකක්. මේ සිද්දියෙන් පස්සේ එයා ලංකාවේ කාන්තාවන්ට වෙන ලිංගික අතවර ගැන research එකක් කරන්න සහ ඒ ගැන කතා කරන්න ඕනේ කියන එකට දැඩි ලෙස ආවා. ඒක කියෙව්වොත් ඒ conviction එක ඔය article එකේ තියෙනවා. ඒ ගැන ඊට පස්සේ එයා වැඩ කලා.

කවි පොත

කවදාහරි කවි පොතක් publish කරන්න ඕනේ කියල එයා කිව්වේ අපි මුලින්ම මුණගැහුණු දවස්වලමයි. එයාගේ කවි ගොඩක් ලියපු පොතකින් හොරෙන් තෝරගත්ත කවි සෙට් මම හදල copies 3ක් ප්‍රින්ට් කරලා දුන්න කවි පොතක්. මම barcode එකකුත් දැම්ම ඇත්ත පොතක් වගේ හිතෙන්න.

 
නතාෂාගේ comedy වගේම කවි ඉන්ෆොර්ම් වෙලා තියෙන්නේ එයාගෙම ජීවිතේ මූණ දුන්නු දේවල් වලින් සහ අත්දැකීම් වලින්. Facebook එකේ Ladies Only group වල කියවෙන ගැනුන්ගේ ප්‍රශ්න ගැන, එයා මුහුණ දුන්නු ප්‍රශ්න ගැන, අපේ ආදර හබ ගැන තමයි මේ කවි ලියවිලා තියෙන්නේ.

ne 1ne 2ne 3
ඒ වගේම කවදා හරි සින්දුවක් ලියන්න ඕනේ කියල කිව්වා. ඉතින් එකෙන් තෝරගත්ත කවියක් මම මගේ මිත්‍රයෙක්ට කියල සිංදුවකට හැරෙව්වා. මේ දෙකම 2021 එයාගේ 30 වෙනි උපන්දිනේට කලින් දවසේ මම තෑගි දුන්නා, මගේ logic එක උනේ උනේ දැන් ඔයා වයස 30ට කලින් පොතක් ලිව්වා, සිංදුවකුත් ලිව්වා කියන එක…

ne 4

අහස ලොකු නැහැ .....

කුණාටුවකට පසු : නතාෂා එදිරිසූරිය


(පැතුම් එගොඩවත්ත)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :

නතාෂා වෙනුවෙන් විහාරස්ථාන අසල 'කාලාම සූත්‍රය' බෙදයි

මුතුරාජා හා සාංඝික රට - (තිසරණී ගුණසේකර)

නතාෂා : මාධ්‍ය හමුවෙන් අධිකරණයට අපහාසවීදැයි සොයන නියෝගය බලරහිත කරන්නැයි පෙත්සමක්

වර්තමානයේ බුදු හාමුදුරුවො ලංකාවෙ පහළ වුනා නම් ඇප නැතුව රිමාන්ඩ් -(කලුබෝවිල ආනන්ද හිමි)

නතාෂා නිදහස් කර චෝදනා ඉවත් කරගන්න - CIVICUS, ගෝලීය සිවිල් සමාජ සන්ධානය

අපිටත් වඩා රනිල් ගැන විශ්වාසෙන් ඉදලා තියෙන්නෙ ජවිපෙ සහ ජනරජ පාක්ෂිකයන්- (චින්තන ධර්මදාස)

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! - කොළඹ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය

ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්)

පැමිණිල්ලක් වූ පමණින් අත්අඩංගුවට ගැනීමක් සිදු විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! (චින්තන ධර්මදාස)

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)

නතාෂා අත්අඩංගුවට ගැනීම රුපවාහිනී පුවත් සිරස්තල ඇසින් - (Ethics Eye)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි! -((ජීවන්ත ලියනගේ)

කොමඩිය script එකක් ද? - (වරුණ රාජපක්ෂ)

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

#හෑයිය : නතාෂා කියන කතාව නුතන මව්වරුන් ඇසිය යුතුම කතාවක්

මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්