බැඳුම්කර ගනුදෙනු පිළිබඳව නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තා (Forensic Audit Report) ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමේදී සභාගත කරනු ඇතැයි කථානායක කරූ ජයසූරියට සමීප ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කාළේ, තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් එම වාර්තාව සභාගත කරන ලෙස කතානායක වරයාගෙන් ඉල්ලීම් කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු පාලනය කිරිමේ බලයක් නීතිපතිවරයාට නොමැති බවත්, ඒ පිළිබඳව නීතිමය තත්වය කතානායකවරා සමග සාකච්ඡා කර ඇති බවත් නිර්නාමිකව අදහස් දැක්වූ එම මන්ත්‍රීවරයා කීය.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එම වාර්තාව සභාගත කරන ලෙස පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර ඇත. ඒ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පිළිපැදීමට පාර්ලිමේන්තුවට අවශ්‍යතාවක් නොමැති බව ඔහු පෙන්වාදී තිබේ.

ජනවාරි 13වැනිදා නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජිතයන්, පොලිස් දෙපාර්තුමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හා කතානායකවරයා අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා කතානායකවරයා අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී වෝහාරික වාර්තාව නිකුත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

(තරිඳු උඩුවරගෙදර - අනිද්දා පුවත්පතින්)

 

VIDEO :
මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි?

බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද?

සබැඳි පුවත් :
කබ්රාල් බයවෙලා ඇයි ? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද ?

බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි

ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්