The Leader News
BREAKING
ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●ජනතා හිතවාදී රාජ්‍ය සේවයකට බිලියන 371.8ක ආයෝජනයක්●දෙදහසක් රැවටූ බවට චෝදනා ලැබූ මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට●
Top Ad
පුවත්

'රන්ජන් රෙකෝඩ්ස්' : අසාම් අමින්ට අන්තවාදීන් ගෙන් බලපෑම් - BBC සේවයත් අහිමිවේ !

T

The Leader Desk

January 21, 2020 • 11:54 AM

'රන්ජන් රෙකෝඩ්ස්' :  අසාම් අමින්ට අන්තවාදීන් ගෙන් බලපෑම් - BBC සේවයත් අහිමිවේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම අන්දොලනත්ම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ඔහුට හා BBC ආයතනයට එරෙහිව අන්තවාදීන්ගේ සමාජ මාධ්‍ය හරහා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර එහිදී අමින්ව සේවයෙන් ඉවත් කිරීමට BBC ආයතනය ගෙන ඇති ක්‍රියාමාර්ගය ඔවුන්ගේ නොමද සතුටට හේතුවී ඇති බවද පෙනේ.
  • කෙසේවුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ විශේෂ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර තිබේ.
  • ඔහුගේ පැත්තෙන් කිසිම කරණු දැක්වීමකට ඉඩ නොදී කිසිම පරීක්‍ෂණයක් නොපවත්වා ඒක පාර්ශවීය ලෙසයි මේ ඉවත් කිරීම කර ඇත්තේ.
  • බොහෝවිට අද එම තීන්දුව ඔහු වෙත ලිඛිතව ලබාදීමට ඉඩ ඇත. ඒත් මේ අරබයා ඇතිවී ඇති සංවාදය දෙස බැලීමේදී කරුණු කිහිපයක් පෙන්වා දිය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම අන්දොලනත්ම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ඔහුට හා BBC ආයතනයට එරෙහිව අන්තවාදීන්ගේ සමාජ මාධ්‍ය හරහා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර එහිදී අමින්ව සේවයෙන් ඉවත් කිරීමට BBC ආයතනය ගෙන ඇති ක්‍රියාමාර්ගය ඔවුන්ගේ නොමද සතුටට හේතුවී ඇති බවද පෙනේ.

කෙසේවුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ විශේෂ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර තිබේ.

අසාම් අමීන්ව ඉවත් කරන ලද්දේ කුමන පදනමකින් ද?

''බීබීසිය Azzam Ameen අසාම් අමීන්ව ඉවත් කරන ලද්දේ කුමන පදනමකින් ද යන්න තවමත් පැහැදිලි නැත. ඔහුගේ පැත්තෙන් කිසිම කරණු දැක්වීමකට ඉඩ නොදී කිසිම පරීක්‍ෂණයක් නොපවත්වා ඒක පාර්ශවීය ලෙසයි මේ ඉවත් කිරීම කර ඇත්තේ. බොහෝවිට අද එම තීන්දුව ඔහු වෙත ලිඛිතව ලබාදීමට ඉඩ ඇත. 

ඒත් මේ අරබයා ඇතිවී ඇති සංවාදය දෙස බැලීමේදී කරුණු කිහිපයක් පෙන්වා දිය හැක.

පලමුව මේ සිදුවී ඇතැයි කියන සංවාද සිදුව ඇත්තේ කුමන සංදර්භයක ද යන්න ප්‍රේක්‍ෂක/ග්‍රාහක අපට නිසියාකාරව දැන ගැනීමේ හැකියාවක් නැත. ඒවා සන්ධභයෙන් පිටතට ගෙන, සංවාද කිහිපයක් එකිනෙක යාකොට සංස්කරණය කර ඇත යන චෝදනව ගැනත් සලකා බැලිය යුතුය. 

අනිසි ලෙස හසුරුවනු ලැබූ හඬ පටයක ඇති නොමඟ යැවීමේ හැකියාව දැන සිටින්නේ බොහෝවිට ඒවාට සහභාගී වූ අයත්, එම හඬ පට සංස්කරණය කරනු ලැබූ අයත් පමණි, අසන්නන්ට බොහෝවිට එය තේරුම් ගැනීමේ හැකියාවක් නැත.

BBC text1දෙවන කරුණ අසාම්ගේ ස්වාධීනත්වය ගැන මතුකරන ප්‍රශ්ණයයි. යම්කිසි මාධ්‍යකරුවෙකු කිසියම් ක්‍රීඩා සමාජයක සමාජිකත්වය දරණ විට ඔහු විසින් කරනු ලබන ක්‍රීඩා වාර්තාකරණය ගැන පාඨකයා බලනුයේ සැකයෙනි. ඒ වගේම කිසියම් මාධ්‍යවේදියෙකු දේශපාලන පක්‍ෂයක උපදේශකයෙකු ලෙස සේවය කර ඇතිවිට අඩුතරමින් එම පක්‍ෂපාතීත්වයේ බලපෑම තවදුරටත් පවතින බව පාඨකයින් සිතන්නට ඉඩ තිබේ. 

ඔවුන් ඒ වාර්තාකරණයන් පිළිබඳව නිගමනවලට එන්නේ ඒවා සිතේ තබා ගෙනය. එය මාධ්‍යකරුවාගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්ණයක් නොවේ.

ස්වාධීනත්වය යනු තමන් කරනු ලබන වාර්තාවන් තුලට තම පුද්ගලික විශ්වාසයන්, ලැදියාවන් ඇතුලු කිරීමෙන් වැලකී සිටිමය. වෙනත් වචන වලින් කියනවා නම්, තමා ලියන කතාවත් තමාත් අතර දුරස්ථබාවයක් පවත්වා ගැනීමය. එඩිටෝරියලයිස් කිරීමෙන් වැළකී සිටීමය.


BBC text2මාධ්‍යවේදියෙකුගේ විශ්වාසයන්, අවනතභාවයන්, පක්‍ෂපාතකම් තේරුම් ගැනීම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික මුල්‍ය හෝ ද්‍රව්‍යමය හෝ වෙනත් පලප්‍රයෝජන වලින් පැහැදිලිව වෙන්කොට හඳුනාගත යුතුය. ප්‍රශස්ථම කතා ලියා ඇත්තේ විෂය කාරණා පිළිබඳව බලවත් හැඟීමෙන් උනන්ඳුවක් සහිත මාධ්‍යවේදීන් විසින්ය යන්න අප දන්නා කරුණකි. 

ඒ අනුව පෞද්ගලික විශ්වාසයන් හා බැඳීම් නිසඟයෙන්ම ආචාර ධර්මීය ප්‍රශ්ණයක් නොවේ යන්න පිළිබඳව ආචාර් ධර්ම පිලිබඳව හදාරන්නන් ඕනෑ තරම් කියවා ඇත. ඒවා ආචාර ධර්මීය ප්‍රශ්ණ වන්නේ නිරවද්‍යතාව, සාධණත්වය හා ස්වාධීනත්වය බිඳ දමන විටය. 

අසාම් තම වාර්තාකරණය තුල ඒවා කඩකර ඇත්ද? සෙවිය යුතු පළමු කරුණ එයයි.

අසාම් පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන තිබේද ?

සංස්කරණය කළ හඬපට තුල පෙනෙන දේ අසාම් රන්ජන්ට උපදෙස් දීමය. රන්ජන් ඇසුවාද, බලෙන් දුන්නාද යන්න කරුණ එතරම් අදාල නැත. අවශ්‍ය වන්නේ ඒ තුලින් අසාම් පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලබා ඇතැයි යන්න ඔප්පු කිරීමය.

බීබීසී සිංහල සේවයත් ඉංග්‍රීසි ලෝක සේවයටත් ඇති සියලු විවේචන අසාම් පිටින් යැවීම අසාධාරණ වේ. එම ආයතන දෙකම සමහර විට නිවැරදි අපක්‍ෂපාත කරුණු ඉදිරිපත් කිරීම නිසා සමාජයේ යම් කොටසක, එනම් ඒ ඒ අවස්ථාවෙ බලයේ සිටින ආණ්ඩුවලට පක්‍ෂපාත අයගේ විරෝධයටද, ආචාර් ධර්ම කඩ කිරීම් නිසා ඒව තකන ඉතා සුලු සමාජ ස්ථරයකගේද විරෝධයටද පාත්‍ර වී ඇත. 

අසාම් සම්බන්ධ හඬපට කෑලි එලියට ආවිට සමාජ මාධ්‍ය තුල ඔහුට එරෙහිව ආ විවේචන තුලින් දැක ගත හැකි වූයේ ඒ විවේචනය. ඊට අමතරව ඔහු මුස්ලිම් ජාතිකයෙකු වීම නිසා කරනු ලැබූ නින්දිත ජාතිවාදී ප්‍රලාපය. ඒවා සියල්ලට අසාම් වගකිවයුතු නොවේ. 

BBC text3බීබීසී සිංහල සේවයේ බලවතුන් කලක පටන් අසාම් සමඟ උරණව සිට ඔහුව යම් යම් දේවලින් ඉවත්කර තැබූ බව නොරහසකි. ඔහුව කපා තමන්ගේ හෙංචයියෙකු පත්කර ගැනීමටත්, සියලු පවු අසාම් පිට පටවා තම ආයතනයට එල්ලවී ඇති විවේචන වලින් බේරීමට මේ හඬපට යොදා ගන්නා බව මට සිතේ. 

අසාම් තමන් අතින් වරදක් වී ඇතැයි සිතන්නේ නම් ඒ සඳහා සමාජයෙන් සමාව ගත යුතුය. හඬපටවල අඩංගු සියල්ල නොදැන, ඒවායේ ඔතෙන්ටික් බව ගැන සහතිකයකින් තොරව නිගමනවලට එළඹීම එතරම් යෝග්‍ය නොවේ. 

ඔහුට සුබ අනගතයක්!


සබැඳි පුවත් :

'රන්ජන් රෙකෝඩ්ස්' :  රන්ජන්ටත් වඩා වරදක් කරන්නේ ජනමාධ්‍ය - ඕමල්පේ සොභිත හිමි

රන්ජන් කළාටත් වඩා විනාශයක් කරන ලංකාවේ ජඩමාධ්‍ය (VIDEO)


'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න (VIDEO)

විජය මාමයි - රන්ජන් බෑනයි : (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)


'රන්ජන් රෙකෝඩ්ස්' : 'කටහඬ ශානිගෙදැයි දන්නේ නැහැ' : විනිසුරන්ගේ කටහඩ පරික්ෂාවක්

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ නීතිඥවරියට එරෙහිවත් විමර්ශනයක් !

රන්ජන්ට අලුත් පෙනුමක් ! - මෙට්ටයක් දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ !

'රන්ජන් රෙකෝඩ්ස්' : කුණු රස බෙදන කස්ටිය, හිරුනිකාට ගහන ගමන් දිලිත්ටත් ඇනලා !!

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න

'රන්ජන් රෙකෝඩ්ස්' : ඇප නියමකර තිබු පැමිණිල්ලකට රන්ජා රිමාන්ඩ් -අජිත් ප්‍රසන්නත් ගනී ද? 

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව 

එජාපය රන්ජා අත්අඩංගුවට ගැනීමටත් පෙර වරදකරු කරයි - එජාපය ගම්මන්පිල දඬුවම් නියම කරයි  (VIDEO)

'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...