ක්‍රිකට් ක්‍රීඩාවට එල්ලවී ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ (08) දී විශේෂ ප්‍රකාශයක්

කර විපක්ෂයේ අසුන් ගැනීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් තමා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද දිනයේ ලබාදුන් තහනම් නියෝගය සම්බන්ධයෙන් ද ඇමතිවරයා හෙට දිනයේ අදහස් දැක්වීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරයා හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබුනද එය කල්දැමීමට තීන්දු කර ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 05 වන ඉරිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව එම ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කළේය.

කෙසේවුවද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (නොවැම්බර් 7) අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

 

සබැඳි පුවත් :

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්