හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට පැමිණීම තහනම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොනු කළ පිටු 137 ක යුද අපරාධ චෝදනා මත යයි 'දිවයින' පුවත්පත වාර්තා කර තිබේ.

සුකාගේ මෙම වාර්තාවෙන් වග විභාගයකින් තොරව සිවිල් ජනතාවට එරෙහිව හිතාමතා ප්‍රහාර එල්ල කිරීම, රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රහාර එල්ල කිරීම, යුද මුක්ත කලාපවලට පහරදීම්, තහනම් ආයුධ භාවිත කිරීම, කිළිනොච්චියට ප්‍රහාර, පුදුකුඩුඉරිප්පුවලට ප්‍රහාර, වලයාන්මඩයි ප්‍රහාර, මුල්ලිවයික්කාලේ ප්‍රහාර, කොටි නායකයන් මරා දැමීම යන  සාවද්‍ය චෝදනා එල්ල කර ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

මෙම යුද අපරාධ චෝදනාවල සාක්කිකරුවන් ලෙස දක්වා ඇත්තේ හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් 51 ක පිරිසක් බවත් මොවුන්ට ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ නෝර්වේ යන රටවල දේශපාලන රැකවරණ ලැබී ඇති බවත්, ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව හිටපු මේජර් ජෙනරාල්වරයකුද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප්‍රකාශයක් දී ඇතැයි 'දිවයින' වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(උපුටා ගැනීම අවසන්)

ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහංචි පනවා ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියර වූ 2009 දී යුද හමුදාවේ 58 වැනි සේනාංකය විසින් නඩු නැති ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයේ යෙදීම සඳහා ඔහු විසින් විධාන වගකීම දැරූ බවට චෝදනා ඉදිරිපත් කරමිනි.

yasmin sooka                                                                                ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා

“යුද අපරාධ චූදිතයකු යුද හමුදාපති, වැඩ බලන මාණ්ඩලික ප්‍රධානියාද බවට පත් කෙරෙන තුරු දිගින්  දිගටම උසස්වීම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ බලයට පත්වුනු ආණ්ඩු හැසිරුනේ බරපතල දණ්ඩ මුක්තියකින් යුතුවය. එයින් කිසිදු පලවිපාකයක් අත්වනු නැතැයි ඔවුන් සිතීම අමු උද්දච්ච කමකි," යි සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවැත්වෙන සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ පළමු විවාදයට සහභාගි වීම සඳහා නිව් යෝර්ක් නුවරට ගොස් සිටියදීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 සේනාංකයට අණ දීමේ දී කරන ලද කාර්ය භාරය පිළිබඳව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවක නමින් සඳහන් කරන ලද්දෙකි.


ශවේන්ද්‍රට එරෙහි ITJP තොරතුරු ගොනුවේ සාරාංශය:

ශවේන්ද්‍ර සිල්වාගේ අණ යටතේ පැවති 58 වැනි සේනාංකය 2008-9 වකවානුවේ ශ්‍රී ලංකාවේ උතුරේ ගම් හා නගර ගණනාවකට එල්ල කළා යයි කියන ප්‍රහාර පිලිබඳ විස්තර එම තොරතුරු ගොනුවේ දැක්වෙයි. එයින් ප්‍රකාශ කෙරෙන පරිදි එම ප්‍රහාර වලට පහත කරුණු ද ඇතුලත් වේ.

- වගවිභාගයකින් තොරව සාමාන්‍ය ජනතාවට එරෙහිව හිතාමතා එල්ල කළ ප්‍රහාර
- රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල වලට ප්‍රහාර
- යුද මුක්ත කලාප වලට ප්‍රහාර
- තහනම් සහ වගවිභාගයකින් තොර ආයුධ යොදාගැනීම

විධාන වගකීම:

ජාත්‍යන්තර නීතිය යටතේ ශවේන්ද්‍ර සිල්වා වැනි අණ දෙන නිලධාරියකු පහත දැක්වෙන කටයුතු සම්බන්ධයෙන් සෘජු වගකීමෙන් බැඳේන බවද එම වාර්තාව මගින් අවධාරණය කර ඇත.

- නීතිවිරෝධී ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් යටතේ ඉන්නා කාර්ය මණ්ඩලයට අණ කිරීම

- ඔහු යටතේ සිටින්නන් නීතිවිරෝධී ක්‍රියා සිදු කරන විට ඊට එරෙහිව පියවර නොගැනීම (ඔහු ඊට අණ දුන්නේද යන්න නොසැලකේ).

-  මේජර් ජෙනරාල් සිල්වා සොල්දාදුවන්ට මානුෂීය නීතිය උගන්වන බව යුද හමුදාව පවසන හෙයින්, ඔහු මේ පිළිබඳව දැන සිටිය යුතු බව. 

සාමාන්‍ය වැසියන්ට පහර දීම:

තොරතුරු ගොනුවේ සොයාගැනීම් අනුව සාමාන්‍ය ජනතාවට සිදුවූ මරණ සහ තුවාල ව්‍යසනයකට අඩු දෙයක් ලෙස කිසිසේත් සැලකිය නොහැකි අවධාරණය කෙරෙන අතර හෙළිකර ඇති දහස් සංඛ්‍යාත ඡායාරූප වලින් පෙන්වා දී ඇත්තේ, මෙය සාමාන්‍ය ජනතාවට එරෙහිව දියත් කෙරුනු යුද්ධයක් බවයි. 

ආණ්ඩුවේ නිරන්තර ෂෙල් ප්‍රහාරවලට ගොදුරුවූ අටවාගත් රෝහල්වල තිබු මහත් බියජනක තත්වය ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් විස්තර කර තිබේ:

“එතන වචනවලින් කියන්න බැරි තරමේ මහා අවුල් ජාලයක්. අඬන, වැලපෙන දෙමාපියෝ තුවාල වෙච්චි දරුවන් උස්සගෙන බයේ එහාට මෙහාට දුවනවා. දරුවන්ට හොඳටම තුවාල වෙලා, සමහරුන්ගේ බාගෙට ගැලවෙච්චි අතපය ඇඟෙන් එල්ලෙනවා.”

දශකයක් ගතවීත් හොල්මන් කරන පන අදින්නන්ගේ දර්ශන නිසා 2009 යුද්ධයෙන් දිවි ගලවා ගත් දෙමළ ජනතාව මහත් බියෙන් හා චිත්ත කම්පනයෙන් පීඩා විඳිමින් සිටින බවට තොරතුරු රාශියක් ද අදාළ ලිපිගොනුවට ඇතුලත් කර තිබේ.

 ළදරුවකුගේ හිසක් තමන් අසල පතිත වූ අයුරු එක් අයකු විස්තර කර තිබේ.

තවෙකකුගේ මතකයෙහි ඇත්තේ එල්ලා හැලෙන බොකු බඩවැල් අතින් අල්ලාගෙන සිටින මිනිසකු පසු කරගෙන ගිය ආකාරයයි. ආරක්ෂාව සඳහා අගල් හාරන්නට ගත් සමහරුන්ට දිගටම හමුවී ඇත්තේ කුණුවී යන මල සිරුරුය. ලේ පිරි වලවල් පාගමින් දිවගිය ආකාරය ගැන තවත් අය කියා තිබේ.

 තම ආදරණීයයන් මරුමුවට පත්වී ඇතැයි යන අවබෝධයෙන් තොර සමහරුන් විසින් ඔවුන් ආරක්‍ෂිත ස්ථාන වලට ඔසවා ගෙන යනු දුටු අයුරු ඔවුන් බොහෝ අවස්ථා වල විස්තර කර තිබේ. බියජනක දර්ශන සිතට කාවැදී ඇති යුද්ධයෙන් දිවි ගලවාගත්තවුන් බොහොමයක් යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේදී වධබන්ධනයට සහ ලිංගික ප්‍රචණ්ඩතාවට ගොදුරු වූවෝ ද වන බව අදාල වාර්තාවේ සඳහන් වේ.

“එක පවුලක දහඅට මාසෙක විතර දරුවයි එයාගේ තාත්තයි ඇරෙන්න පවුලේ හැමෝම මැරුනා. දෙන්නගෙම ඔලුව තුවාල වෙලා දරුවා හරිම බඩගින්නෙන්. එයාගේ ඔලුවෙන් ලේ වැක්කෙරෙනවා. මං හිතන්නේ එයාට වටපිට සිද්ධ වෙන දේ ගැන තේරුමක් නැතිව, ලේ ගැනවත් ඔලුවේ තුවාලේ ගැනවත් වගක් නැතිව, ඔහේ ඇඟිල්ල උර උරා හිටියේ ඒ තරමටම බඩගිනි හින්දයි.”


429691
කිලිනොච්චි ප්‍රහාර:

කිලිනොච්චියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන විටත්, එය අල්ලා ගන්නා විටත්, අණ දීමෙහි යෙදී සිටියේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බව අදාල වාර්තාවේ සඳහන්වේ.

සාමාන්‍ය වැසියන්ට හානි පමුණුවමින් රෝහල් සහ එක්සත් ජාතීන්ගේ ගොඩනැගිලි වැනි සිවිල් ස්ථාන වලට පහර දීමේ උවමනාවෙන් යුතුව ප්‍රහාර එල්ල කිරීමට ශවේන්ද්‍ර සිල්වා අණදුන් බව විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා එම ලිපිගොනුවලට ඇතුලත් කර තිබේ.

පුදුකුඩියිරුප්පු ප්‍රහාර

ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් දියත් කෙරුනු පුදුකුඩියිරුප්පු හමුදා මෙහෙයුමට 58 සේනාංකය  
සෘජුවම සම්බන්ධ විය. රජයට චන්ද්‍රිකා දත්ත සන්නිවේදනය කර තිබූ නිසා ආරෝග්‍යශාලාව පිහිටි ස්ථානය පිළිබඳව ඔහු දැනුවත්ව සිටි බවත්, ඩ්‍රොන් සහ නියමුවන් රහිත ගුවන් යානා විසින් ඒ පළාත සෝදිසියට ලක් කෙරුණ බවත් වාර්තාවේ දැක්වේ.

රෝහල ප්‍රහාරයට ලක් වෙමින් පවතින බව එජා නිලධාරීන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට කිහිප වාරයක් දැනුම් දී තිබුනු නිසා පුදුකුඩියිරුප්පු රෝහල බෝම්බ සහ ෂෙල් ප්‍රහාරයට ගොදුරු වී තිබෙන බවට  මේජර් ජෙනරාල් සිල්වා ට මනා අවබෝධයක් තිබුණු බව විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතින බව ද අදාල වාර්තාවේ සඳහන් වේ.

තමන්ගේ පාලනය යටතේ සේවය කළ’වුන් බහුතරයක් සාමාන්‍ය වැසියන් සිටි ප්‍රදේශවල ජාත්‍යන්තර හා මානුෂවාදී නීතිය බරපතල ලෙස කෙළෙසමින් සිටින බව දැන සිටි හෝ දැනගත යුතුව සිටි මේජර් ජෙනරාල් සිල්වා, තමන් සතුව විධාන වගකීම සහ බලය තිබුනත්, ඒවා නවතා ලන්නට කටයුතු කළේ නැතැයි ද අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත. 

2
පොක්කනෙයි ප්‍රහාර:

ශවේන්ද්‍ර සිල්වාගේ විධානය යටතේ වූ භට සේනා විසින් පොක්කනෙයිහි හමුදා මෙහෙයුම් සිදු කරන විටදී, කිරි බෙදාහරින ස්ථාන ඇතුළු සාමාන්‍ය වැසියන් සිටි තැන් වලට වගවිභාගයකින් තොර ප්‍රහාර හිතාමතාම එල්ල කරන ලද බවත්, එයින් සාමාන්‍ය වැසියන්ට බරපතල හානි සිදුවූ අතර කාන්තාවන් හා ළමුන් ට තුවාල සිදුවී මරණයට පත් වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.  

සාමාන්‍ය වැසියන්ට තුවාල සිදු කරමින්, ඔවුන් මරණයට පත් කරමින්, තමන් යටතේ සිටියවුන් සාමාන්‍ය වැසියන් ගහන පළාත් වලට හිතාමතා ප්‍රහාර එල්ල කළ බව මෙන්ම, වගවිභාගයෙන් තොර ප්‍රහාර දියත් කළ බව මේජර් ජෙනරාල් සිල්වා දැන සිටි බව හෝ දැන සිටීමට හැකියාව තිබූ බව විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතින බව සඳහන් කරන එම වාර්තාව,  එම ප්‍රහාර දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ සිදු කෙරුනු බවත් කලින් ප්‍රහාර පිලිබඳ තොරතුරු ඔහුට ලැබී තිබෙන්නට ඇති බවටත් සැක පළකරයි.

පුදුමාතලන් ප්‍රහාර:

පුදුමාතලන් රෝහලට එරෙහි හමුදා මෙහෙයුම මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් සිදුවූ බවත්, ඔහුගේ විධානය යටතේ වූ භට සේනා එම රෝහල අල්ලා ගත් බවත් මේ වාර්තාවේ එන තොරතුරු වලින් කියා සිටියි.

රෝහල තුලත් ඉන් පිටතත් සාමාන්‍ය වැසියන්ට බරපතල හානි පමුණුවමින්, රෝහලද ඇතුලත් පුදුමාතලන් ප්‍රහාර සැලසුම් කොට ඊට අණ දුන්නේ මේජර් ජෙනරාල් සිල්වා බව විශ්වාස කිරීමට සාධාරණ හේතු කාරණා පවතින බවත්, රෝහල කිහිප වාරයක්ම ප්‍රහාර වලට ගොදුරු වූ හෙයින්, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ප්‍රහාර සඳහා අණ දුන්නේ සිවිල් සම්පත් වල‍ට පහර දීමේ අරමුණින් යුතුව බව විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතින බවත් එම වාර්තා මගින් පෙන්වා දී ඇත.

430388
වලයිඥර්මඩම් (වලයන්මඩම්) ප්‍රහාර:

සාමාන්‍ය වැසියන්ට හානි පමුණුවමින් ගොඩනැගිලි කඩා බිඳ දමමින් වලයිඥර්මඩම් රෝහලටත්, දේවස්ථානයටත් එල්ල කළ ප්‍රහාර වලට ශවේන්ද්‍ර සිල්වාගේ භට පිරිස් සම්බන්ධ බවට විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතින බවත්,  එහිදී 58 සේනාංකය ඇතුළුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ෂෙල් වෙඩි, යුද ටැංකි හා පොකුරු වෙඩි යොදා ගන්නා ලද බවත්, එයින් පෙන්නුම් කෙරෙන්නේ වගවිභාගයකින් තොර යුද්ධෝපක්‍රම යොදාගත් ආකාරය බවත් වාර්තාව මගින් කියා සිටියි.

තමන් යටතේ සිටියවුන් වලයිඥර්මඩම් හි සාමාන්‍ය  ජනතාවට සහ සිවිල් සම්පත් වලට හිතාමතා ප්‍රහාර එල්ල කළ බව මෙන්ම සාමාන්‍ය වැසියන්ට බරපතල ලෙස මරණ සහ තුවාල සිදුකිරීමට හේතුවිය හැකි වගවිභාගයෙන් තොර ප්‍රහාර දියත් කළ බව මේජර් ජෙනරාල් සිල්වා දැන සිටීමට හැකියාව තිබූ බව විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතින බව ද එම වාර්තාවේ සඳහන් වේ.

මුල්ලිවයික්කාල් ප්‍රහාර:

තමන් යටතේ සිටියවුන් මුල්ලිවයික්කාල් හි සාමාන්‍ය  ජනතාවට සහ සිවිල් සම්පත් වලට හිතාමතා ප්‍රහාර එල්ල කළ බව මෙන්ම සාමන්‍ය වැසියන්ට බරපතල ලෙස මරණ සහ තුවාල සිදුකිරීමට හේතුවිය හැකි වගවිභාගයෙන් තොර ප්‍රහාර දියත් කළ බව මේජර් ජෙනරාල් සිල්වා දැන සිටි බව හෝ දැන සිටීමේ හැකියාව තිබූ බව හෝ විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතින බවද එම වාර්තාවේ සඳහන් වේ.

තවදුරටත් ගත් කල, “පුද්ගලිකව භූමියේ හමුදා මෙහෙයවූ” ඔහු එම ප්‍රදේශයේ සිටි බවත්, එමනිසාම උන්හිටි තැන් අහිමිවූ සාමාන්‍ය වැසියන් ප්‍රහාර වලට ගොදුරු වූ ආකාරය දැකගන්නට ඇති බවත් සාක්ෂි මගින් දක්වා ඇත්තේ, තුන්වැනි යුද මුක්ත කලාපයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් දෙකක් පමණක් වන හෙයිනි. 

ඔහුගේ යටතේ සිටි වගකිවයුත්තන් ට දඬුවම් කළ බව හෝ එම ප්‍රහාර වලක්වන්නට ප්‍රමාණවත් තරමේ සියලු පියවර ගත් බව හෝ දැනගන්නට නැතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

final assault15භාරවීම්:

වට්ටුවාක්කල් පාලමේ දී පුද්ගලයන් භාර වූයේ 58 සේනාංකයට බව එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කරයි. එම ප්‍රදේශයේ සමස්ත විධාන වගකීම තමන් යටතේ පැවති බව ප්‍රකාශ කර ඇති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඔහු වෙත භාරවූ එල්ටීටීඊ දේශපාලන නායකයන් ට පුද්ගලිකවම අතට අත දුන් බව සිද්ධිය සියැසින් දුටු අයකු  ITJP වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින් තහවුරු කර ඇත. 

මදක් කල් ගතවූ පසු ඔවුන්ගේ මළ සිරුරු  වට්ටුවාක්කල් පාලමේ අනික් පැත්තේ මහමග තිබී දැක ගන්නට ලැබුන බවත්, භාරවුවන් අතුරුදහන් කරවීමටත්, ඇතැමකු නඩු නොඅසා ඝාතනය කිරීමටත්, තම වගකීම යටතේ වූ භට පිරිස් වගකිව යුතුයැයි මේජර් ජෙනරාල් සිල්වා දැන සිටි බව හෝ ඒ පිළිබඳව ලැබුනු තොරතුරු දැනුවත්ව නොතකා හල බව හෝ විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතින බවත් එම වාර්තාවේ දැක්වේ.


ලිංගික දූෂණය ඇතුළු ලිංගික ප්‍රචණ්ඩතා සහ වධබන්ධන:

images
වධහිංසාවට ගොදුරු වී ඇති එක් සාක්ෂිකරුවකු පවසා ඇති පරිදි මේජර් ජෙනරාල් සිල්වා වධහිංසාව අනුමත කළ අයෙකි. තම විධානය යටතේ සිටි භට පිරිස් විසින් වධහිංසා පැමිණවීම පිළිබඳව ශවේන්ද්‍ර සිල්වා දැන සිටි බව හෝ දැනගත යුතුව තිබුනු බවටද,  එම කෙලෙසීම් වලක්වා ඊට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමට පියවර නොගත් බවටද විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතින බව අදාල වාර්තාව මගින් පෙන්වා දී ඇත.

 මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාවෙන් දැක්වෙන කරුණු වලින් ද, මේ වාර්තාවේ එන සාක්ෂි අනුව ද ලිංගික දූෂණය, වධහිංසාව සහ පුද්ගලික ගෞරවයට එරෙහි සාහසිකත්වය යනාදී යුද අපරාධ සම්බන්ධයෙන් මෙන්ම, සිය අණසක යටතේ පැවති භට පිරිස් විසින් කරන ලද වධහිංසා සම්බන්ධයෙන් වෙනමත් ද, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට නඩු පැවරිය හැකි බවත් නඩු පැවරිය යුතු බවත් අවධාරණය කර තිබේ.


සබැඳි පුවත් :

ශවේන්ද්‍රට එරෙහි තහංචිය : ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකානු දේශපාලනයට ඇඟිලි ගසයි !

ශවේන්ද්‍රට පෙර ඇමරිකානු තහනම ආවේ ෆොන්සේකාට ! - අදටත් ක්‍රියාත්මකයි !!

ශවේන්ද්‍රට පැනවූ තහනමේ දිගුවක් : ශ්‍රී ලංකාවට ඇමරිකානු යුධ ආධාර අත්හිටුවීමේ අවධානයමක් ! 

ශවේන්ද්‍ර ඇමරිකාව සමග 'ගේම' ඉල්ලයි:  ‘ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නෑ-ඉල්ලන්නෙත් නෑ’ කියයි.

ඇමරිකාව යුද හමුදාපති ශවේන්ද්‍රට තහනමක් පැනවීම ගැන ශ්‍රී ලංකා රජයෙන් දැඩි ප්‍රතිචාරයක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්