කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ඊයේ (දෙසැම්බර් 16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ලබාදුන් නියෝගයෙන් අනතුරුව ඇයව ඊයේ රාත්‍රීයේ වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

තවත් කාන්තා රැදවූවන් 50කට වැඩි පිරිසක් රඳවා සිටින Y වාට්ටුවේ මේ වනවිට ඇයද රඳවා සිටින බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

එම නිලධාරිනිය දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 190 දරණ වගන්ති වලට අනුව, චෝදනා දෙකක් යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ දැනුම් දුන්නේය.  ශ්‍රී ලංකා ආණ්ඩුව අපකීර්තියට ලක්වන පරිදි රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම අදාළ පළමු චෝදනාවයි. අධිකරණයකදී පසු අවස්ථාවක යොදාගත හැකි වන පරිදි අසත්‍ය සාක්‍ෂි ලබාදීම දෙවන චෝදනාව වේ.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරිනිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදිය.  අත් අඩංගුවට ගත් තානාපති කාර්යාල නිලධාරිනිය ප්‍රධාන ම‌හේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරමින්  නීතිපතියෙන් කියා සිටියේ, ඇයගේ ප්‍රකාශ පරස්පර බවත් සීසීටීවී කැමරා දත්ත සහ දුරකථන සටහන් අනුව ඇයට වූ තර්ජනය සහ හිංසනය පිළිබඳ සාක්කි නොමැති බවත්ය.

නීතිඥයින් කියන කතා :  ''සාක්කි පරස්පරයක් නෑ''

ඇයගේ පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කළ නීතිවේදීන් කියා සිටියේ ඇයගේ පළමු ප්‍රකාශය සහ දෙවන ප්‍රකාශය අතර පරස්පරයක් තිබෙන්නේ ඇය පළමු ප්‍රකාශය කරද්දී ඇය‌ බියපත්ව සිටි නිසා බවයි. 

ඇත්ත කීවොත් මරණ බවට එල්ල වී තිබූ මරණ තර්ජනය හේතුව වූ බැවින් ඇය යම් කාරණා නොකියා සිටි නමුත් ඉන්පසු ඇය දුන් කිසිදු ප්‍රකාශයක් පරස්පර නොවනවා පමණක් නොව අවස්ථා කිහිපයකදී සම්පූර්ණ පැය 26 කට අධික කාලයක් දුන් ප්‍රකාශ කිසිවක් පරස්පර නොවන බවත් ඇයගේ ස්වාමියා දුන් ප්‍රකාශත් පරස්පර නොවන බවත් ඒ ප්‍රකාශ අනුව සීසීටීවී කැමරා සාක්කි සහ දුරකථන දත්ත සාක්කි කිසිවක් පරස්පර නොවන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු පෙන්වා දුන්හ.

ඇය දරුවාගේ ගුරුවරියගේ නිවසට යන ආකාරය කලබලයට පත්ව ඉන් පිටවන ආකාරය ආදී සියලු දේ සීසීටීවී කැමරා සාක්කි අනුව සනාථ වන බවද නීතිවේදීහු පෙන්වා දුන්හ.

තර්ජනයට සහ ලිංගික හිංසනයට !

ඇයගේ නීතිඥයින් පවසන පරිදි ඇය තර්ජනයට සහ ලිංගික හිංසනයට ලක්ව ඇත්තේ නිවස තුල දී ය. නමුත් නිවැසියන් පවසන්නේ එවැන්නක් ඒ නිවස තුල සිදුනොවූ බවයි. 

මෙහිදී නීතිපතියෙන් පවසා සිටියේ ඇය ගුරුවරියගේ නිවස තුලට ගිය පසු කිසිවෙකු ඒ නිවසට ඇතුළු වනවා සීසීටීවී කැමරා වල සටහන්ව නොමැති බවයි. ඇයගේ නීතිඥයන් පිළිතුරු ලෙස කීවේ කැමරා වලට නොපෙනී ඇය ඇතුළුවීමටත් පෙර කිසිවෙකු නිවසට ඇතුළු වී සිටියා නම් එවැනි සාක්කියක් කැමරාවල නොතිබිය හැකි බවයි.

ඇයගේ නීතිවේදීන් නැගූ ප්‍රධාන තර්කය :sew text 2019.12.17

ඇයගේ නීතිවේදීන් නැගූ ප්‍රධාන තර්කයක් වූයේ රජය අපහසුතාවයට පත් කළා යැයි නගන චෝදනාව ව්‍යාජයක් බවයි. මන්ද යත් ඇයගේ කිසිදු ප්‍රකාශයක තමන්ට සිදුවූ අතවරය රජය හෝ රජයට සම්බන්ධ කණ්ඩායමක් කළා යැයි ඇය ප්‍රකාශ කර නොමැති වීමයි. ඇය කියන්නේ තමාට සිදුවූ අකරතැබ්බය ගැන පමණි. 

ඇය පමණක් නොව ඇයගේ ස්වාමියා හෝ තානාපති කාර්යාලයෙන් ඉදිරිපත් කළ ප්‍රකාශ වල හෝ එවැන්නක් සඳහන්ව නොතිබිය දී රජය අපහසුතාවයට පත්කළා යැයි චෝදනා නගන්නේ කවර නම් පසුබිමකදැයි ඇයගේ නීතිවේදීහු ප්‍රශ්න කළහ.

 මෙම සිද්ධිය රජය අපහසුතාවයට පත්කිරීම සඳහා දෙමළ ඩයස්පෝරා කුමන්ත්‍රණයක් බවත් බටහිර කුමන්ත්‍රණයක් බවත් කියමින් පුවත් පළකලේ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය විසිනි.

කෙසේ වෙතත් මෙහිදී ම‌හේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඇය පොලිසියට පැමිණිලි නොකළ බවත් ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන්නැයි නියෝගයක් කිරීමට සිදුවූ බවත්ය.


සිද්ධිය අනුපිළිවෙලින් ....

තානාපති කාර්යාල නිලධාරිනියගේ නීතිවේදීන් එහිදී සිද්ධිය වූ අනුපිළිවෙල පැහැදිලි කළේ මෙසේය.

# පළමුව ඇය තමන්ට සිදුවූ අකරතැබ්බය පැවසුයේ ඇය සේවය කළ තානාපති කාර්යාලයටයි.

# ඉන්පසු තානාපති කාර්යාලය ගත යුතු රාජ්‍ය තාන්ත්‍රික නිල පිළිවෙත අනුව සිද්ධිය ලංකාවේ විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කර සිටියේ ය. 

# මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂනයක් කරන්නැයි කීවේ විදේශ අමාත්‍යාංශයයි.

# ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂන කරද්දී ඇයගේ ප්‍රකාශයක් ඉල්ලා සිටියේය. ඒ අනුව ඇය සීඅයිඩියට පැය 26 ක් පුරා ප්‍රකාශ ලබා දුන්නාය. තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුද ප්‍රකාශ ලබා දී ඇත. 

''එසේ නම් ඇය විමර්ශන ක්‍රියාවලියට සහාය ලබා නොදුන්නා යයි කියන්නේ කෙසේද? රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළා යැයි කියන්නේ කෙසේද? ''ඇයගේ නීතිවේදීන් විමසා සිටිටෙය.

ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඇය වින්දිතයා බවත් නීතිපතියෙන් ඉල්ලා සිටින පරිදි ඇයව රිමාන්ඩ් කිරීම වරදක් බවත්ය.

තානාපති කාර්යාල නිලධාරිනිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග සුදර්ශන ගුණවර්ධන, අමිල එගොඩවත්ත, දර්ශිකා උඩුගම, තනුක නන්දසිරි යන නීතිඥයින් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 


සබැඳි පුවත් :

ස්විට්සර්ලන්ත තානාපති හා ජනපති අතර හමුවක්: තානාපති නිලධාරිනිය රිමාන්ඩ් භාරයට

ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනිය ගැන කළ ඉල්ලීම ඉවතට

ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

ස්විස් තානාපති නිලධාරිනියගෙන් පැය නවයක ප්‍රකාශයක්

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට රටයාමේ තහනමක්!

ස්විස් තානාපති නිලධාරිනිය "රඳවාගෙන තර්ජනය කිරීම" - ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර විරෝධයක්!

බරපතල කාරණයක්!- ස්විස් තානාපති නිලධාරිනියක පැහැරගැනීම ගැන විමර්ශන!

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්