පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වෝහාරික විගණන වාර්තා පහ අතරින් පළවැනි වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඍජු ක්‍රමයට බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමේදී ගැනුම්කරුවන්ට වාසි සහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම නිසා රුපියල් බිලියන 10.47ක හෙවත් රුපියල් කෝටි 1047ක පාඩුවක් රජයට සිදුවී ඇතැයි සඳහන් කර තිබේ.

ඊට අමතරව එම කාලසීමාව තුළ ඊපීඑෆ් අරමුදලෙහි මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී සමාගම් 17 ක කර ඇති රුපියල් බිලියන 57.98ක හෙවත් කෝටි 5798ක් වටිනා ආයෝජන වලින් ඊපීඑෆ් අරමුදල පාඩු ලබා ඇතැයි එම විගණන වාර්තා අතරින් තුන්වැනි වාර්තාව පෙන්වාදී ඇත.

යහපාලන ආණ්ඩුව සමයේ 2015 හා 2016 වර්ෂවල සිදුව ඇති මෑතකාලීන බැඳුම්කර වෙන්දේසි වලින් රුපියල් කෝටි 660ත් රුපියල් කෝටි 960ත් අතර පාඩුවක් ලබා ඇති බව එම විගණන වාර්තා අතරින් හතරවැනි විගණන වාර්තාවේ සඳහන් වේ.

කබ්රාල් සහෝදර සහෝදරියන්ගේ සමාගම්වලට සලකලා

84330584 109345083848315 4251324853405089792 n
මෙම වාර්තා වලින් පෙන්වාදෙන්නේ 2002 – 2015 අතර කාලසීමාවේදී ප්‍රාථමික බැඳුම්කර ගණුදෙනුකරුවන් කිහිපදෙනෙකු සමඟ ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සම්බන්ධතා තිබුණු බවත්, එම සම්බන්ධතා මත එම සමාගම්වලට විශේෂයෙන් ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති බවත්ය. 

අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරියක වන සිරෝමි නොඑල් වික්‍රමසිංහ, සහෝදරයෙකු වන අමල් කබ්රාල් නියෝජනය කළ ආයතනවලට එලෙස විශේෂත්වයක් දක්වා ඇති බවත් එහි සඳහන් වෙයි.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරයෙකු වන අමල් කබ්රාල් හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ අවධියේ එම බැංකුවත්, ඩීඑෆ්සීසී බැංකුවත් ඒකාබද්ධව පිහිටුවාගත්  ඇකුයිටි සෙකියුරිටීස් ප්‍රයිවෙට් ලිමිටඩ් නම් ප්‍රාථමික ගනුදෙනුකාර ආයතනය වෙත විශාල ප්‍රමාණයක බැඳුම්කර නිකුත් කර ඇති බව එහි සඳහන්ය. 

2002 – 2015 අතර කාලසීමාවේදී එම ප්‍රාථමික ගැනුම්කාර සමාගම ලබාගෙන ඇති මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් සීයට 80 ක ප්‍රමාණයක් අමල් කබ්රාල් හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ  2013 – 2014 කාලසීමාවේදී ලබාගෙන ඇති බව පෙන්වාදී ඇත. 

2013 – 2014 කාලයේදී ඇකුයිටි සමාගමට බැඳුම්කර ලබාදීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව ලබා ඇති පාඩුව රුපියල් කෝටි 6ක් පමණ වන බවද සඳහන්ය.

WhatsApp Image 2020 01 24 at 12.45.42 PMඅජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහෝදරියක් වන සිරෝමි නොඑල් වික්‍රමසිංහ කොමර්ෂල් බැංකුවේ කටයුතු කළ 2009 වර්ෂයේදී කොමර්ෂල් බැංකුව වෙත නිකුත් කර ඇති බැඳුම්කර සංඛ්‍යාව තීරණාත්මකව වැඩිවී ඇති බවද එම වාර්තාවෙහි සඳහන්ය. 

2008 වර්ෂයේදී රුපියල් කෝටි 355ක් වටිනා බැඳුම්කර කොමර්ෂල් බැංකුවට නිකුත් කර තිබුණු බවත්, 2009 වෙද්දී රුපියල් කෝටි 2511ක් දක්වා එම බැඳුම්කර ප්‍රමාණය වැඩිවී ඇති බවත් එහි සඳහන්ය. 

EPF 24
මීට අමතරව 2002 – 2015 කාලසීමාවේදී ඊපීඑෆ් අරමුදල බැඳුම්කර ගනුදෙනුවලින් ලබා ඇති පාඩුව පිළිබඳව දෙවැනි වෝහාරික වාර්තාවෙහි තොරතුරු ඇතුළත්ව ඇත. එලෙස ලබා ඇති පාඩු අතර ඍජු බැඳුම්කර නිකුතු වලදී අඩු ඵලදා අනුපාතිකයක් යටතේ බැඳුම්කර නිකුත් කිරිමෙන් පමණක් රුපියල් කෝටි 871.6ක් පාඩු ලබා ඇතැයි සඳහන් වේ.

තෙවැනි වාර්තාවෙහි පාඩු ලැබූ සමාගම්වල ආයෝජනය කරමින් ඊපීඑෆ් අරමුදල ලබා ඇති පාඩු පිළිබඳ විස්තර සඳහන් වේ. 

එම වාර්තාවෙහි, 

# බ්‍රවුන් ඇන්ඩ් කම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 130.42ක පාඩුවක්ද, 

# සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 65.19ක පාඩුවක්ද, 

# ගලධාරි හොටෙල්ස් ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 62ක පාඩුවක්ද, 

# කලම්බු ඩොක්යාඩ්හි ආයෝජනයෙන් රුපියල් කෝටි 186.8ක් පාඩුවක්ද,

#  බුකිට් ඩාරාහ් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනයෙන් කෝටි 170.7ක් පාඩුවක්ද, 

# කාර්සන් කුම්බර්බැච් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ආයෝජනයෙන් රුපියල් කෝටි 162.5ක් පාඩුවක්ද, 

# ශ්‍රී ලංකන් එයාලයින්හි ආයෝජනයෙන් රුපියල් කෝටි 270ක් පාඩුවක්ද ලබා ඇතැයි සඳහන් වේ.


(තරිඳු උඩුවරගෙදර - අනිද්දා පුවත්පත)
 
 

VIDEO :
මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි? VIDEO -01

බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද? VIDEO -02

සබැඳි පුවත් :

කතානායක, නීතිපතිගේ ඉල්ලීම පසෙකලයි : බැඳුම්කර වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමට යයි !

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට !

කබ්රාල් බයවෙලා ඇයි ? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද ?

බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි

ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

subscribeYT

නවතම පුවත්