මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව පැවති සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව පැවසෙන බැඳුම්කර වංචාව එවක මහත් ආන්දෝලනයකට තුඩු දුනි.
"මහ බැංකු හොරකම" පසුගියදා පැවති ජනාධිපතිවරණය අතරතුර දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට ද පත් වී තිබුණි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට 'යහපාලනය' දක්වා කාලය තුළ සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණන වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරනු ලැබිණි.
කෝප් කමිටුවේ නිර්දේශ මත විශේෂඥ දැනුමැති ආයතන සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බලය ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිය ලිපියෙන් පෙන්වා දෙයි.
ප්‍රධාන කරුණු පහක් !
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා යොමු කර ඇති ලිපිය මගින් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇති ප්‍රධාන කරුණු පහක් පහත දැක්වේ.
01. කාලය සහ ජනතා මුදල්:
ඉහත කී වෝහාරික විගණන වාර්තාව මගින් කෝප් කමිටුව හා මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් සිදු කරන ලද පරීක්ෂණවල නිගමන හා නිර්දේශ සනාථ කර ඇති අතර විද්‍යාත්මක විමර්ශන මගින් නෛතික පසුබිම ද ශක්තිමත් කර ඇති බව කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.
"කෝප් කමිටුවේ ඉල්ලීම අනුව වෝහාරික විගණන වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේම ඒ සම්බන්ධයෙන් වන අධිකරණ කටයුත්තක් වෙනුවෙනි. එබැවින් එයින් එම ප්‍රයෝජනය ගැනීම ඒ වෙනුවෙන් යොදවන ලද කාලය හා මහජන මුදල් අපතේ නොහැරීමකි," යනුවෙන් එහි සඳහන් වේ.
දශක දෙකකට ආසන්න කාලයක් සම්බන්ධයෙන් සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සැකසීම සඳහා වන පිරිවැය රුපියල් මිලියන 300 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරේ.
02. ළබැඳියාවන් අතර ගැටුම:
බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වංචා හා අක්‍රමිකතා සිදුවීමේ ආරම්භක කාල වකවානුව දක්වාම මෙම වෝහාරික විගණන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබීම මගින් ළබැඳියාවන් අතර ගැටුම දිගු කාලයක් පුරා ප්‍රධානතම මූල්‍ය ආයතනය වන මහ බැංකුවේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපා ඇතැයි සනාථ කර ඇති බව ද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.
"මේ වාර්තාවට එරෙහිව විවිධ පුද්ගලයින්ගේ කලබලවීම් මගින් හා රටින් පලායාම්වලින් පෙනී යන්නේ මේ වංචා සහගත ගනුදෙනුවලට එරෙහි නෛතික ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් කෙතරම් කලබල වී සිටින්නේද යන්නය," යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.
03.අර්ථසාධක අරමුදල:
බැඳුම්කර වංචාවේ බලපෑම හුදු ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් නොවන බව බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මගින් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් යැයි ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.
"සුදු කරපටි අපරාධකරුවන්" විසින් රටේ වැඩකරන ජනතාව අපහසුතා මැද සිය විශ්‍රාම දිවිය වෙනුවෙන් රැස් කරන ලද සේවක අර්ථසාධක අරමුදලට ද මෙම ගනුදෙනු මගින් බරපතළ පාඩුවක් සිදුකර ඇතැයි හෙළි වී ඇති බව කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා පෙන්වා දෙයි.
04. නීතිය පිළිබඳ විශ්වාසය:
අදාළ මූල්‍ය අපරාධකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ වන විට ද අවම වශයෙන් වසර 05කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.
"වෝහාරික විගණන වාර්තාව එළිදැක ඇති බැවින් එය පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබතුමාට හා ඔබතුමාගේ ආණ්ඩුවට බලය ලැබී ඇත. එසේම මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක නොවුවහොත් රටේ මූල්‍ය නීති සාමාන්‍ය ජනතාවටත් සුදු කරපටි අපරාධකාරයන්ටත් වෙනස් ලෙස ක්‍රියාත්මක වෙන බවට විශ්වාසයක් ඇති විය හැකි අතර එය රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය මෙන්ම නීතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසයද බරපතළ ලෙස පළුදු කරනු නොඅනුමානය," යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.
05. අධිකරණ ක්‍රියාමාර්ග:
අතිවිශාල මහජන මුදලක් කොල්ල කෑ බැඳුම්කර ජාවාරමට අදාළ අපරාධකරුවන් හෙළිදරව් කිරීම සඳහාත් එම මහජන මුදල් රටට අත්කර ගැනීම සඳහාත් මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙන තුරුත් මහජනතාව සමග ඒ සඳහා වන අරගලයේ අඛණ්ඩව රැඳී සිටින බව කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
"එබැවින් මෙම වාර්තාවේ සඳහන් සියලුම බැඳුම්කර වංචනිකයින් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු," යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.
ආණ්ඩුවේ ප්‍රතිචාරය
"මහ බැංකු හොරකම" පසුගියදා පැවති ජනාධිපතිවරණය අතරතුර දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය
මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විවිධ "දේශපාලන විග්‍රහ" පවතින බවය.
ඒ සම්බන්ධයෙන් "ශාස්ත්‍රීය විග්‍රහයක්" කළ හැක්කේ මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් වැනි වෝහාරික විගණන වාර්තා පිළිබඳ දැනුමක් සහිත පුද්ගලයන්ට බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයේදී 'ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම' නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ "දුෂණයෙන් තෝරා කාර්යක්ෂම පාලනයක්" සඳහා ගත යුතු පියවර දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත.
"මහ බැංකු මංකොල්ලය ඇතුළු පසුගිය කාලය තුළ සිදු කළ මහා පරිමාණ වංචා හා දූෂණ 20 ඇතුළු අපරාධයන්ට සම්බන්ධ සියලුම වරදකරුවන්ට නොපමාව දඬුවම් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ," යනුවෙන් එහි දැක්වේ.
"වංචා සහ දූෂණවලට සම්බන්ධ අප පක්ෂයේ ඕනෑම තලයක මහජන නියෝජිතයන් හෝ ඉහළ නිලධාරීන් වහාම පක්ෂයෙන් ඉවත් කරන අතර කිසිඳු බලපෑමකින් තොරව නීතිය ක්‍රියාවේ යෙදවීමට සහාය ලබා දෙනු ඇත. ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කරනු ලැබේ."
"පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලව පිහිටුවා මහජනතාවට ද පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන අතර පාට පක්ෂ නොසලකා සියලු දුෂණ සහ වංචාවලට වැට බඳින 'මුල්‍ය අපරාධ විනිශ්චය අධිකරණයක් පිහිටුවනු ලැබේ" යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.
(බීබීසී සිංහල සේවය)
සබැඳි පුවත් :
මහ බැංකු වෝහාරික විගණක වාර්තාවලින් 'සුදනන්ගේ' රෙදි ගැලවී ගිය හැටි මෙන්න !
'ජනපතිගේ ප්‍රතිපත්ති අනුව කබ්රාල්ව තියාගෙන ඉන්න බැහැ' - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ
ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් ඇතුළට ගන්න 'බොන්ඩ් කින්' කබ්රාල් කෝල් දීලා !
රාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි ! - යහපාලනයේ පාඩුව කෝටි 660 -960 අතර
මහ බැංකු වෝහාරික වාර්තා : අප දැන සිටි 'වැට් බදු වංචාව' ලිලිපුට්ටෙක් !
මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි? VIDEO -01
බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද? VIDEO -02
කතානායක, නීතිපතිගේ ඉල්ලීම පසෙකලයි : බැඳුම්කර වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමට යයි !
බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට !
කබ්රාල් බයවෙලා ඇයි ? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද ?
බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි
ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි
බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා
නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !
රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?
'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති
බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!
සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!
මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !
ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි