කොරෝනා පාලනය කිරීම සඳහා ජනාධිපති නියෝගයෙන් කටුනායක ගුවන් තොටුපල වසා දැමීමට දින කිහිපයකට පෙර

විදෙස් හි සිට පැමිණි  පුද්ගලයින් කිහිප දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට නොයවා මුදාහැර ඇතැයි ලැබී ඇති පැමිණිලි මත රජයේ බුද්ධි අංශ විසින් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

එම පැමිණිලි වලට අනුව එසේ මුදාහැරීමට බලපෑම් කර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ පුත්‍රයෙකි.

කටුනායක ගුවන් තොටුපල වසා දැමීමට පැය කිහිපයකය පෙර අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත්‍රයා මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ දියණිය ඇතුළු විදෙස් හි උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් පිරිසක් දිවයිනට පැමිණිය ද ඔවුන් වහාම දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර තිබිණ.

එසේම, රොෂාන් මහානාම, කුමාර සංගක්කාර වැනි පිරිස් ද පසුගිය දින කිහිපයේ දිවයිනට පැමිණි අතර ඔවුන්ව ද විශේෂ සෝදිසි කිරීම් යටතේ නිවෙස් තුලම ස්වයං නිරෝධනයට යොමුකර ඇත.

''බලතල හා වගකීම් සහිත තනතුරු දරන අයට සමීප සහ හිතවත් පුද්ගලයින් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම වළක්වමින් ප්‍රභූ විවේකාගාරය (VIP Lounge) හරහා යවා ඇති බවට වාර්තා වන්නේ යයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් නිකුත්කර ඇති නිවේදනයක ද සඳහන් විය.''

නමුත්, ආණ්ඩුවේ දේශපාලනඥයාගේ පුතාගේ බලපෑම් මත මුදාහල පුද්ගලයින් එවැනි වගවීමකට යොමු නොකිරීම ආණ්ඩු පාර්ශවයේ ඇතැමුන් ගේ ද නොසතුටට හේතුවී ඇත.

බලතල හා වගකීම් සහිත තනතුරු දරන අයට සමීප සහ හිතවත් පුද්ගලයින් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම වළක්වමින් ප්‍රභූ විවේකාගාරය (VIP Lounge) හරහා යවා ඇති බවට වාර්තා වන්නේ යයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් නිකුත්කර ඇති නිවේදනයක ද සඳහන් විය.

 

සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් !

පාසල් වසා දමමින් කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට වහාම ක්‍රියාත්මක වූ රජය ගුවන් තොටුපළවල් වැසීමට පමාකිරිම තුලින් මුළු රටම අවදානමකට ලක්කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබේ.

එවැනි ඇතැම් පොස්ටුවල මෙසේ සඳහන් වේ.

අපේ රටට අවදානම් රටවලින් එන මිනිස්සු නිරෝධායනයට ලක් නොකර ගෙවල්වලට යැව්වේ කවුද ?

ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් එක ඇරන් සිටියේ කවුද?

 

අවධානයට ලක්විය යුතු පුවත් :

කොරෝනාවෙන් ගැලවී පැතිරයාම වැළැක්වීමට දායකවිය හැක්කේ කෙසේද ?

කොරෝනා : එන්නත බිහිවන්නේ කවදාද? එය මුලින්ම ලැබෙන්නේ කාටද?

කියවිය යුතු ම සටහනක් : නව කොරෝනා ගැන මේ කතා ඇත්ත ද ? -සමාජගත මත විමසීමක්

සමාජ දුරස්ථවීම: වෛරසය පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගයයි

කොරෝනා සම්ප්‍රේෂණ දාමය බිඳදමන හැටි මෙන්න !

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් 

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි!

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ !

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද?

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න

 කටකතාවලට රැවටෙන්න එපා !

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්