The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (31) : බෞද්ධයන්ගේ අන්ධ විශ්වාස ලුහුබැඳීම අරඹයි (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

December 24, 2024 • 7:48 AM

තිලක මතක (31) :  බෞද්ධයන්ගේ අන්ධ විශ්වාස ලුහුබැඳීම අරඹයි  (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පමණ කාලයේ නිකවැරටියේ මීවැල්ලාවෙහි හාස්කම් බෝධියක් පිළිබඳ පුවතක් සුළි සුළඟක් මෙන් රට පුරාම වේගයෙන් පැතිර යන්නට විය.
  • ඒ ඕනෑම තැනකට ගොස් යදින්නට විශේෂයෙන් සිංහල බෞද්ධ බහුතරය පසුබට වූයේ නැත.මෙය විවෘත ආර්ථිකය මුල් කොට ගත් ජන සමාජය තුළ හට ගත් ආකල්ප පෙරැළියක් බව තිලක් වටහා ගත්තේ ය.
  • බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථය මීවැල්ලාවේ ශෛලතලාරාම පන්සලේ බෝධියෙන් දේව රූප මතුවන බවට මහත් ආන්දෝලනයක් රට පුරා පැතිර ගියේ සමාජය තුළ පැවැති එම සමාජයීය මානසික අවශ්‍යතාව මුල් කර ගනිමිනි.
  • අනෙක මේ කියන බෝධිය පිළිබඳව බෝධිවංශයේවත් සඳහන්ව නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
     
1992 පමණ කාලයේ නිකවැරටියේ මීවැල්ලාවෙහි හාස්කම් බෝධියක් පිළිබඳ පුවතක් සුළි සුළඟක් මෙන් රට පුරාම වේගයෙන් පැතිර යන්නට විය. මෙම බෝධිය ස්ථාපිත වී තිබුණේ මීවැල්ලාවේ ශෛලතලාරාමය නම් විහාරස්ථානයක ය. 1970 දශකයේ අග අප රටට විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසු ලෞකික සැප සම්පත්වලට ඉහළ අගයක් ලැබීම නිසා පෙර පැවති සරල ජීවිත අප සමාජය තුළින් ගිලිහී යමින් තිබිණි. තමන් ගේ ලෞකික අපේක්ෂාවන් ඉටු කරන හාස්කම් තිබෙන්නේ කොහේද? ඒ ඕනෑම තැනකට ගොස් යදින්නට විශේෂයෙන් සිංහල බෞද්ධ බහුතරය පසුබට වූයේ නැත.මෙය විවෘත ආර්ථිකය මුල් කොට ගත් ජන සමාජය තුළ හට ගත් ආකල්ප පෙරැළියක් බව තිලක් වටහා ගත්තේ ය. ඒ එවකට ඔහු ගණේමුල්ල හොරගොල්ල සිරි මහින්දාරාමයෙන් ලබා ගෙන කියවමින් සිටි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරින් ධර්ම විනය පිළිබඳ යම් වැටහීමක් ඔහු තුළ වූ බැවිනි. එම ග්‍රන්ථ මාලාවේ සූත්‍ර, විනය යන කොටස් දෙක මනාව අධ්‍යයනය කළ හැකි වුව ද එහි අභිධර්ම කොටස මොනම අයුරකින් වත් ඔහුට නොවැටහිණ. ඒ එහි පවත්නා ගණිතමය ස්වරූපය නිසා ය.
 
IMG 20241222 WA0004බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථය
       
මීවැල්ලාවේ ශෛලතලාරාම පන්සලේ බෝධියෙන් දේව රූප මතුවන බවට මහත් ආන්දෝලනයක් රට පුරා පැතිර ගියේ සමාජය තුළ පැවැති එම සමාජයීය මානසික අවශ්‍යතාව මුල් කර ගනිමිනි. නමුත් එය සැබෑ බුදු දහම හා කිසිසේත්ම සම්බන්ධ වූවක් නොවේ. අනෙක මේ කියන බෝධිය පිළිබඳව බෝධිවංශයේවත් සඳහන්ව නැත. වෙනත් ඓතිහාසික වැදගත්කමකුත් මෙහි නොමැත. නමුත් මෙම බෝධියෙන් දේවරූප මතුවෙන බවට රට පුරා පැතිර ගිය රාවය මත දිවයිනේ සතර දිග් භාගයෙන් ජනතාව මීවැල්ලාවට රොක් වන්නට වූහ. බස් වෙන් කරවාගෙන දිනපතා බැතිමතුන් කොයිතරම් ප්‍රමාණයක් මීවැල්ලාවට ඇදුනේ දැයි කිවහොත් පන්සල වත්තේත්, ඒ ආසන්න ඉඩම්වලත් පාර අයිනේත් දිනපතා නතර කරනු ලැබූ බස් ඇතුළු අනෙකුත් වාහන පෝලිම කොතෙක්ද යත් පසුකාලීනව එය කිලෝමීටර් තුන හතරකටත් වඩා දිගු විය. ඒ අනුව ප්‍රමාද වී පැමිණෙන බැතිමතුන්ට තමන්ගේ වාහනය කිලෝමීටර් තුන හතරක දුරින් නවත්වා එම දුර දෙපයින් ඇවිද ඒමට සිදුව තිබිණි. තිලක් ගේ මව ද එකල එම අත්දැකීමට මුහුණ දුන් බව පසුව ඔහුට දැන ගත හැකි විය. වාර්තාවලට අනුව එම ස්ථානයට දිනකට පැමිණි බැතිමතුන්ගේ සංඛ්‍යාව විසි පන්දහස ද ඉක්මවා තිබිණ. සති අන්ත වල සහ පුන් පෝදා දිනවල එම සංඛ්‍යාව දෙතුන් ගුණයකින් ඉහළ නැංවිණි.
       
ඡායාරූප ශිල්පී සිරිසේන ගමගේ ගේ උපන් ගම නිකවැරටියයි. දිනක් තිලක්, ගමගේ ද කැටුව මීවැල්ලාවේ පන්සලට ගියේ මේ පිළිබඳ තතු සොයා බලන්නට ය. එය සතියේ දිනයක් විය. විශාල ජනකායක් එහි සිටි අතර ජනතාව ගැවසෙන ස්ථානවල අනිවාර්යෙන්ම ඉදිවෙන වෙළඳ සල්පිල් පාර දෙපැත්තෙහි කිලෝමීටරයකටත් වැඩි දුරක් දක්වාම පැතිර තිබිණි. කුමන හේතුවක් මත ජනාකීර්ණ වුව ද මෙවැනි ස්ථානවල අනිවාර්යෙන්ම ඊළඟට ඇතිවන්නේ විවිධාකාරවූ දුරාචාරයන් ය. ඒ අනුව බාහිර පුද්ගලයන් විසින් මෙහෙයවනු ලැබූ මත්පැන් මත්ද්‍රව්‍ය සේම ලිංගික සේවා සපයන්නියන්ගෙන් ද මෙහි අඩුවක් නොවූ බව පසුව තිලක් ට අනාවරණය කරගත හැකි විණි.
 
IMG 20241222 WA0005මානව හැඩතල සහිතව වැඩුණු සුවිසල් ගසක්
          
පන්සලේ බෝධියෙහි මේ කියන දේවරූප මතුවෙන බව කී ස්ථානය දෙස තිලක් මහත් වුවමනාවෙන් යුතුව බැලීය. මනාව බලන කල ඉතා පැහැදිලිවම එය ගසෙහි එක්තරා පිහිටීමක් බව සනාථ කරගත හැකිවෙයි. එම ස්ථානයේ දේව රූප මතුවන බවට සිතින් පූර්ව නිගමනයකට පැමිණ ඒ දෙස බලන විට සැබෑවටම එම ස්ථානයෙන් දේව රූප මතු වන්නාක් මෙන් පෙනීම අරුමයක් නොවේ. මෙයට දැක්විය හැකි සරලම උදාහරණය නම් සඳේ හාවකු ඇඳ තිබෙන බව සිතා සඳ දෙස බලා සිටින කෙනෙකුට සැබෑවටම සඳෙන් හාවකුගේ රුවක් දිස්වනු ඇත. මෙය විද්‍යාවෙහි Paredoilia.ලෙස හැඳින්වෙයි.
      
කෙසේ වුවද මේ ගමනේ ප්‍රධානම අරමුණ වූ මෙම ශෛලතලාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති පූජ්‍ය මහමිතව ආයුපාල හිමියන් බැහැදකින්නට ද තිලක් අමතක කළේ නැත.
       
"කොහොමද හාමුදුරුවනේ මේක වුණේ?"
 
image 00762ce14bපහුගිය කාලේ මේ පැත්තට මහා විශාල පෑවිල්ලක් ආවා. මාස ගාණකින් වහිනවා තියා වහින ලකුණක්වත් තිබුණෙ නෑ. මිනිස්සුන්ට ගොවිතැන් කරන්න වතුර නෑ. තිබුණු බව බෝග ටිකත් නියඟෙටම විනාශ වෙලා ගියා.
       
"ඒක තමයි මහත්තයෝ මමත් මේ කල්පනා කරන්නේ. පහුගිය කාලේ මේ පැත්තට මහා විශාල පෑවිල්ලක් ආවා. මාස ගාණකින් වහිනවා තියා වහින ලකුණක්වත් තිබුණෙ නෑ. මිනිස්සුන්ට ගොවිතැන් කරන්න වතුර නෑ. තිබුණු බව බෝග ටිකත් නියඟෙටම විනාශ වෙලා ගියා. මිනිස්සු බොහෝම දුකට පත් වෙලා හිටියේ. පන්සලට දානෙ වේල හරි දෙන මිනිස්සු මේ විදිහේ විපතකට පත් වුණාම ගමේ පන්සලේ හාමුදුරුවෝ විදිහට මට බලා ඉන්න පුළුවන්කමක් තිබුණේ නෑ මහත්තයෝ. මට කරන්න පුළුවන්කම තිබුණේ එකම එක දෙයයි. නියඟය ගෙවිලා යනකම්ම මාස ගාණක් තිස්සේ මම රෑට රෑට බුදුගෙයි ඉඳගෙන මහ සද්දෙන් පිරිත් සජ්ඣායනා කරන්න පටන් ගත්තා. කොහොම හරි මාස ගාණකට පස්සේ නියඟය අවසන් වෙලා වහින්න පටන් ගත්තා. ඒක පිරිත්වල බලය ද කියන්න මම දන්නේ නෑ. මම කළේ හාමුදුරු නමක් විදිහට මට කරන්න පුළුවන් දේයි. වැස්සෙන් පස්සේ තමයි බෝධින් වහන්සේගේ කඳේ ඔය විදිහට අමුතු ලියලීමක් ඇතිවුණේ. මිනිස්සු මගෙන් ඇහුවා "හාමුදුරුවනේ මේ මතුවෙන්නෙ දේව රූප නේද?" කියලා. මම "නෑ" කියන්න උත්සාහ කළෙත් නෑ. හැබැයි මම "ඔව්" කිව්වෙත් නෑ. "එහෙම වෙන්න ඇති" කියලා මම අඩමානෙට දුන්නු උත්තරේ මිනිස්සු "එහෙමම තමයි" කියලා හදාගත්තා. හැබැයි මම හීනෙකින්වත් හිතුවෙ නෑ මම ඔය අඩමානෙට දුන්නු උත්තරෙන් මේ තරම් ලොකු ජන ගඟක් ගලන්න පටන් ගනී කියලා. දැන් මම මොනවා කිව්වත් මිනිස්සු ඒවා අහන්නේ නෑ. නමුත් මෙහෙම වේගයෙන් උඩට මතුවෙන ඒවා ඒ වේගයෙන්ම ආපහු නැතිවෙලා යනවා. ඒක ඉතින් ලෝක ස්වභාවයනේ . ඒ හින්දා මාත් නිහඬව ඉන්නවා"
       
ඒ වනවිට මීවැල්ලාවේ බෝධියට තිබූ ජන අවධානය අනුරාධපුර ශ්‍රී මහා බෝධියටවත් තිබුණේ නැත. කලින් කලට ඇතිවී නැතිවෙන මෙවන් රැලිවල සැබෑ තත්වය පිළිබඳව ලක්බිම පුවත්පතට ලිවීමට තිලක්ට වුවමනාව තිබුණත් ඔහු ඒ අදහස යටපත් කරගත්තේ ය. අපේ සාමාන්‍ය ජන සමාජය මෙවැනි ලිපි සම්බන්ධයෙන් දරන ආකල්පය වන්නේ බුදු දහමට එරෙහි වීමක් ලෙසිනි. අන්‍යාගමික මූලධර්මවාදීන්ගෙන් මුදල් ලබා ගෙන බුදු දහමට එරෙහි ව මෙවැනි ලිපි ලියන බවට විශ්වාස කරන්නෝ ද වෙති. ඔවුන් එවැනි ලේඛකයන් හඳුන්වන්නේ බුදු දහම විනාශ කරන කුමන්ත්‍රණකාරීන් ලෙසිනි. මේ තත්ත්වය මත තිලක් එම ලිපිය පුවත්පතට ලිවීමේ අදහස තාවකාලිකව අතහැර දැමුවේය. මක් නිසා ද යත් ඉන් ඔහු ගේ රැකියාවට පවා බරපතල තර්ජනයක් ඇති විය හැකි බැවිනි. අනෙක ඒ වන විට ඔහු ගේ එකම පුතු සය හැවිරිදි දරුවෙකි. ඒ නිසා දරු පවුල රැක ගැනීම ද ඔහු හමුවේ පැන නැඟුණු සුවිසල් අභියෝගයක් විය.
 
IMG 20241222 WA0002තිලක්ගේ පුතු
       
1997 න් පසුව ගංගොඩවිල සෝම හිමියන්ගේ ධර්ම දේශනා රූපවාහිනී නාලිකා මගින් නිතර ප්‍රචාරය වන්නට විය. මිනිසුන්ගේ අන්ධභූත ඇදහිලිවලට හොඳම විකල්පයක් ලෙස සෝම හිමියන් ඉතාම කෙටි කාලයක් තුළ රට පුරා මහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබූ අතර උන්වහන්සේ වටා විශේෂයෙන් විශාල තරුණ පිරිසක් එක් රොක් වූහ.
       
දිනක් තිලක්ට දුරකථන ඇමතුමක් ලැබිණි. කතා කළේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයෙහි කාර්යාලයේ ලිපිකරුවකු ලෙස කටයුතු කළ තිලකරත්න මහතා ය.       
 
"තිලක් මහත්තයා අර සෝම හාමුදුරුවන්ගෙනුත් කරුණු අරගෙන ඔබතුමාලා ලියූ ලිපියට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා.ඒක කියවලා හාමුදුරුවොත් ගොඩක් සතුටු වුණා"
       
ඔහු ඒ සඳහන් කළේ "බුදුන් ගැන නොතකා භජන් ගී ගයන සායි උපාසකම්මලා "යන ලිපිය පිළිබඳව ය.
      
 "ඒ වුණාට තිලකරත්න මහත්තයෝ ඔය ලිපියට මෙහේ ඉන්න අය ගොඩක් ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. පාලනාධිකාරියටත් මං ගැන නොයෙක් දේවල් කියලා තියෙනවලු. වාසනාවකට ඒගොල්ලෝ නම් මට මොකුත්ම කිව්වේ නෑ"
 
 
IMG 20241222 WA0003සෝම හිමියන් සමග තිලක්
       
 
තිලක් විස්තර කළේය.
     
 "හොඳම දේ තමයි තිලක් මහත්තයා වෙලාවක ඇවිත් සෝම හාමුදුරුවන්ව බැහැදකින්න. හාමුදුරුවන්ටත් ඔය වගේ චෝදනා වැහි වැහැලා. හාමුදුරුවන්ගේ බණවලට කැමති කොටසකුත් ඉන්නවා අකමැති කොටසකුත් ඉන්නවා. හැබැයි ඉතින් තිලක් මහත්තයා දැන් දැන් හාමුදුරුවන්ට කැමති කොටස තමයි වැඩි. නරකද ඔය ගැන අපේ හාමුදුරුවෝ බැහැදැකලම කතා කළොත්?"
       
"මම වෙලාවක කෝල් එකක් දීලා එන්නම් හාමුදුරුවන්ව හම්බවෙන්න"
 
74638430 2414878212094383 6658531564705546240 n
         
තිලකරත්න පැවසූ අයුරින්ම දුරකථන ඇමතුමක් දී වෙලාවක් වෙන් කරගෙන තිලක් සෝම හාමුදුරුවන් බැහැදැකීම පිණිස මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට ගියේය. ඔහු එහි යනවිට ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ මහසෙන් මොරවක ද සෝම හිමියන් හමුවීම පිණිස පැමිණ තිබිණි.      
 
 "මිනිස්සුන්ගේ මේ මිථ්‍යා ඇදහිලි, විශ්වාස මුළුමනින්ම නැති කරන්න බැරිවෙයි. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරමු. මේවයේ ඇත්ත නැත්ත වටහා ගන්න කැමති පිරිසක් ඉන්නවා. අපි කතා කරන්න ඕනේ ඒ අයට. ඊට පස්සේ අනික් අයත් ටික ටික හරි නැඹුරු වෙයි. අද වෙනකොට අපේ සමාජයේ බෞද්ධ සදාචාරය යටපත් වෙලා. නමුත් පුද පූජා කෙළවරක් නෑ. බෝධි කන්නලව් කෙළවරක් නෑ. නමුත් ඒ හා සමානවම රටේ අපරාධ මිනී මැරුම් ස්ත්‍රී දූෂණත් ඉහළ යනවා. සමහරු අපෙන් ප්‍රශ්න කරන්නේ බෞද්ධ ඇදහිලි මේ විදිහට දවසින් දවස වර්ධනය වෙන රටක අපරාධත් වර්ධනය වෙනවා නේද කියලයි. නමුත් මිනිස්සු මේ කරන්නේ බුදුහාමුදුරුවෝ එපා කියලා කියපු දේවල් බව කවුරුත් දන්නේ නැහැ. අපි කතා කරන්න ඕනෙ ඒ ගැන"
 
එදා සෝම හාමුදුරුවන් හමු වී තිලක් ආපසු පැමිණියේ උන්වහන්සේ සමඟ එක්වී මේ සම්බන්ධයෙන් කුමක් හෝ වැඩපිළිවෙළක් දියත් කිරීමට තීරණය කර ගනිමිනි.
       
රත්නපුර, පලාබද්දල, මාපලානේ විසූ චන්ද්‍රසෝම බී. කලවාන තිලක් හඳුනාගෙන තිබුණේ 1994 දී පමණ ශ්‍රී පාද සංස්කෘතිය පිළිබඳ තොරතුරු සෙවීම පිණිස රත්නපුර පලාබද්දලට ගිය විට ය. තිලක්ගේ සම වයසේ පසුවූ ප්‍රදේශයේ ප්‍රභූ පෙළපතකට අයත් ඔහු හැඳින්වූයේ "කලවානෙ පොඩි අප්පෝ"ලෙසිනි. ශ්‍රී පාදය සම්බන්ධ ජනශ්‍රැති සොයා ගැනීමට බොහෝ සෙයින් උපකාර කළ පොඩි අප්පෝ සමග තිලක් ගේ පැවති මිත්‍රත්වය ඉන්පසුවත් දිගටම පැවතිණි.
 
IMG 20241222 WA0006
     
 "තිලක් මහත්තයා දන්නවද කුරුවිට පැත්තේ ලෙනක සැතපෙන බුදු පිළිමයක් තියෙනවලු නේත්‍රා දෙකම උගුල්ලලා දාපු? බුදු පිළිමයේ නේත්‍රා ගම පැත්තට හැරිලා තියෙන නිසා ගමට වස් වදිනවා කියලා ජ්‍යොතිෂ්‍ය පත්තරේක තිබුණු නිසාලු මිනිස්සු නේත්‍රා උගුල්ලලා දාලා තියෙන්නේ. හිසේ පිටිපස්සෙනුත් විශාල වලක් හාරලා නිදන් හොරු. හරිම අපරාධයක් කරලා තියෙන්නේ"
       
දිනක් පොඩි අප්පෝ තිලක් ට දුරකථනයෙන් දන්වා සිටියේය.
       
"මිථ්‍යාවට මිනිස්සු රැවටිලා තියෙන තරම. මම දවසක එන්නම් පොඩි අප්පෝ ඒ බුදුපිළිමය බලන්න"
       
"තිලක් මහත්තයා එන්නකෝ මම එක්කගෙන යන්නම්"
       
ඊට පසුදිනයක තිලක් කුරුවිට, වලඳුරේ පිහිටි බටතොටලෙන නම් ස්ථානයට ගියේ මෙම බුදු පිළිමය පිළිබඳ තොරතුරු සොයා ගන්නා අටියෙනි.
 
soliyasmendis
 
බටතොටලෙන යනු විශාල ගල් ගුහාවකි. එය බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන ලද අවස්ථාවක විවේකයෙන් පසුවූ දිවා ගුහාව විය හැකි බවට පිළිගැනීමක් තිබිණි. එහි පියස්ස දුටු විට තිලක්ගේ සිත තුළින් යම් මතකයක් අවදි විය. බොහෝ ගැඹුරට කල්පනා කළ විට ඔහුට සිහිපත් වූයේ කැලණි විහාරයෙහි සෝලියස් මෙන්ඩිස් විසින් අඳින ලද සිතුවම්වල නිර්මිත දිවා ගුහාවෙහි පියස්ස මෙම ගල්ගුහාවෙහි පියස්සට බොහෝ සෙයින් සමාන බව ය. එම සැතපෙන බුදු පිළිමයෙහි නේත්‍රා යුවළ හාරා තිබෙන ආකාරය දුටු තිලක්ට දැනුණේ වචනයෙන් කිව නොහැකි තරම් ලොකු සංවේගයකි. අන්ධකාරයෙන් පිරී තිබූ එම ගල් ගුහාව ඇතුළට යන විට කුමක් දෝ යමක් පැමිණ තිලක් ගේ මුහුණේ වේගයෙන් හැපිණි. ගල්ගුහාව කිරි වවුලන්ගේ රජ දහනක් වී පවතින අන්දම තිලක් දුටුවේ එවිට ය. ඔවුන්ගේ පැමිණීම නිසා කලබල වූ කිරි වවුලෝ රෑන් පිටින් ගල් ගුහාව තුළ එහාටත් මෙහාටත් පියාඹමින් සිටියහ.ඉන් එකකු තිලක් ගේ මුහුණේ හැප්පීම නිසා තම දෙනෙත් ප්‍රදේශයට දැඩි පීඩාවක් දැනුණු බව තිලක්ට අද මෙන් මතක ය.
      
කොට්ටාවෙහි පදිංචිකරුවකු වූ වැලිකල නම් මහතකු මේ ආසන්නයෙහි කුඩා තේ වගාවක් පවත්වාගෙන යමින් සිටියේය. ඔහු ද මෙම බටතොටලෙන පිළිබඳ උනන්දුවක් දැක්වූවෙකි. ඊට වසර කිහිපයකට පෙර වැලිකල මහතා මෙම ස්ථානයට බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ව වැඩම කරවා මෙම ස්ථානය පෙන්වා ඇත. මෙය දිවා ගුහාව විය හැකි බවට ආනන්ද මෛත්‍රිය හිමියන් ද අනුමාන කළ බව වැලිකල මහතා තිලක්ට පවසා තිබිණි.
       
ඒ වන විට මේ අවාසනාවන්ත, බෙහෙවින් කනගාටුදායක සිදුවීම ගැන තිලක් ට පැමිණිලි කරන්නට කෙනෙක් සිටියේය. ඒ අන් කවුරුත් නොව පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ය. තිලක් ට අවශ්‍ය වූයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සෝම හිමියන්ගේ ධර්ම දේශනාවක් මගින් ප්‍රකාශ කරවා ගැනීමට ය. එවිට මේ පිළිබඳ විශාල ජන අවධානයක් යොමු වන බව තිලක් දනී.
     
"ඕක එහෙම කරලා හරියන්නේ නෑ තිලක්. මම ඔය ස්ථානයට ගිහින් එතන ඉඳලා ධර්මදේශනාවක් පටිගත කරලා ටීවී එකෙන් ප්‍රචාරය වෙන්න අරින්න ඕනේ. එහෙම තමයි මිනිස්සුන්ගේ ඇස් පාදන්න පුළුවන් වෙන්නේ"
       
සෝම හිමියෝ පවසා සිටියහ.
 
තවත් කොටසකින් යළි හමුවෙමු.
 
indu pereraසටහන - ඉන්දු පෙරේරා

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (4) - අවංක වීමේ වරදට තිලක් ගේ පියාට දායක සභාවෙන් නින්දා ! (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (5) - තිලක් ගේ ළමා වියේ පාසල් මිතුරා ජවිපෙ සන්නද්ධ නායකයා වෙයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (7) - අඩි හතරෙ යෝධයා තැනූ දැවැන්ත වේල්ල (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (14) - අතිජාත මිත්‍ර වැසිකිළි පිරිසිදු කරන්නා! (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (15) - යුවතියන් ගේ අඩවියට මඟ පෙන්වූ සුමිතුරා හදිසියේ නික්ම යයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (17) -  තිලක්ට ඔහුවත් නොදත් පෙම්වතියක්? (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (19) - මංගල රාත්‍රිය තනි යහනක ගත කරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (20) - තිලක් ගේ හදිසි විවාහය වෙනුවෙන් ඥාතීන්ට කළුදොදොල් සංග්‍රහයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (21) - "හෝම් කමින්" එකට රතු ඉඳි ආප්ප සහභාගීත්වය තුන් දෙනයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (22) : පුටු නැති නිවසේ ගායකයන් එක් වූ පැදුරු සාජ්ජයක් (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (24) :  අලුත උපන් බිළිඳු පුතු ද කැටුව අවදානම් ගමනක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (25) : තනිව තේ එකක්වත් හදා ගන්නට නොදත් කාන්තා පුවත්පත් කතුවරයා (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (26) : අකල් මරණවලට හේතුවන්නේ කේන්ද්‍රයේ මාරක අපලවලට වඩා රාජ යෝග ද? බරපතල පැනයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (27) : සූපවේදී පබිලිස් සහ එලොවින් ආ නූපන් පුංචි අම්මා මාධ්‍යයට ගෙනා හැටි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (28) : උඹේ ඔළුවයි කඳයි බඩයි සේරම නැති වෙන්න පුළුවන් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (29) : "රැජිණ කර්තෘ කෝපි කාලේ මිනිහෙක්" බහු ජාතික සමාගමකින් චෝදනා (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (30) :  පිරිසුදු බුදු බණ දෙසන "ටෙක්කාරාමයේ යකාගෙ හාමුදුරුවෝ"  (ඉන්දු පෙරේරා ලියයි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...